ප්‍රවේණික විකෘති

ප්‍රජනනයේදී ප්‍රවේණිගත විය හැකි පරිදි හෝ සෛල විභාජනයේදී දුහිතෘ සෛල වලට ගමන් කල හැකි වන පරිදි හෝ ප්‍රවේණි ද්‍රව්‍යයේ සිදු වන ස්ථාවර වෙනස් වීම් විකෘති ලෙස හැඳින්වේ.

විකෘති ඇති වීමට හේතු

  1. ඌනන විභාජනයේදී වර්ණදේහ ව්‍යුක්ත වීම අසාමාන්‍ය ලෙසට සිදුවීම. (නිර්විසම්බන්ධය)
  2. DNA ප්‍රතිවලිත වීමේදී දෝෂ ඇති වීම.(අනුපුරක නොවන භෂ්ම යුගලනය)
  3. විකෘතිකාරක රසායනික සංයෝග වල බලපෑම
  4. UV කිරණ, X කිරණ වල බලපෑම

විකෘති වර්ග

ප්‍රවේණික විකෘති
විකෘති

විකෘති ප්‍රධාන වර්ග දෙකකි. ඒවා නම්,

  1. වර්ණදේහ විකෘති (Chromosomal mutations)
  2. ජාන විකෘති හෙවත් ලක්ෂ්‍ය විකෘති (Point mutations)
          වර්ණදේහ විකෘති තවදුරටත් බෙදා දැක්විය හැකිය. ඒවා නම්,
            • වර්ණදේහ වල ව්‍යුහයේ වෙනසක් නිසා ඇතිවන විකෘති
            • වර්ණදේහ සංක්‍යාවේ වෙනසක් නිසා ඇති වන විකෘති
                වර්ණදේහ සංක්‍යාවේ වෙනසක් නිසා ඇති වන විකෘති, ප්‍රධාන වර්ග දෙකකි. ඒවා නම්,
                  • විෂමගුණකතාවය
                  • බහුගුණකතාවය

ප්‍රවේණික විකෘති

ප්‍රජනනයේදී ප්‍රවේණිගත විය හැකි පරිදි හෝ සෛල විභාජනයේදී දුහිතෘ සෛල වලට ගමන් කල හැකි වන පරිදි හෝ ප්‍රවේණි ද්‍රව්‍යයේ සිදු වන ස්ථාවර වෙනස් වීම් විකෘති ලෙස හැඳින්වේ.

වර්ණදේහ වල ජාන වල ව්‍යුහය හෙවත් DNA වල නියුක්ලියොටයිඩ අනුපිළිවෙල වෙනස් වීම නිසා ජාන විකෘති ඇති වේ.

  • ඇලිභාවය *සිස්ටික් ෆයිබ්‍රොසිස් *හිමොෆිලියාව *වර්ණාන්ධතාව *දෑකැති හැඩැති සෛල රක්ත හීනතාව *තැලසීමියාව යන තත්ත්ව තනි ජානයක ඇති වන විකෘති නිසා හට ගනී.

මෙම විකෘති ජාන නිලීන ජාන වෙයි. නිලීන සමයෝගී අවස්තාවේදී ඒවා ඉස්මතු වීමෙන් අදාළ ලක්ෂණය ඇති වේ. කලාතුරකින් ඇතිවන සමහර විකෘති, ප්‍රමුඛ විකෘති වේ. උදා: හන්ටින්ඩන් රෝගය

  • ලක්ෂ්‍ය විකෘති බොහොමයක් ඇති වන්නේ DNA ප්‍රතිවලිත වීමේදී ඇති වන දෝෂ නිසාය. DNA ප්‍රතිවලිත වීමේදී එහි වූ අනුපුරක පට දෙක වෙන් වී පට දෙකම වෙන වෙනම නව අනුපුරක පට නිපදවනු ලබයි. මෙහිදී සමහර විට අනුපූරක නොවන වැරදි නියුක්ලියොටයිඩයක් ඈඳීම සිදු විය හැකිය. නැතහොත් නියුක්ලියොටයිඩයක් අඩුවෙන් හෝ වැඩියෙන් ඈඳීම සිදු විය හැක. එවැනි වැරදීම් සහිතව නිපද වූ DNA අණුවක් නැවත ප්‍රතිගුණනය වන අවස්තාවේදී වැරදි නීයුක්ලියොටයිඩ වලට අනුපූරක නීයුක්ලියොටයිඩද එකතු වීම නිසා භෂ්ම අනුපිළිවෙල මුළුමනින්ම වෙනස් වූ DNA අණුවක් ඇති වේ. මෙවැනි වෙනසක් ඇති වීමේ සම්භාවිතාව දස දහසකට එකකටත් වඩා අඩුය.
  • ජානයක භෂ්ම අනුපිළිවෙල වෙනස් වුවහොත් එම ජානය මගින් නිපදවන ප්‍රෝටීනයේ ඇමයිනෝ අම්ල අනුපිළිවෙල වෙනස් වේ. මේ නිසා එම ප්‍රෝටීනයට අදාළ කාර්යය සිදු කල නොහැකි වේ. එනම් අක්‍රිය වේ. නැතහොත් කලින් ප්‍රෝටීනයේ නව ක්‍රියාකාරීත්වයක් විකෘති ප්‍රෝටීනයේ ඇති වේ.

ප්‍රවේණික විකෘති

ප්‍රජනනයේදී ප්‍රවේණිගත විය හැකි පරිදි හෝ සෛල විභාජනයේදී දුහිතෘ සෛල වලට ගමන් කල හැකි වන පරිදි හෝ ප්‍රවේණි ද්‍රව්‍යයේ සිදු වන ස්ථාවර වෙනස් වීම් විකෘති ලෙස හැඳින්වේ.

වර්ණදේහ වල ව්‍යුහයේ වෙනසක් නිසා ඇති වන විකෘති

සෛල වල ඌනන විභාජනය සිදු වන අවස්ථාවේදී සමජාතීය වර්ණ දේහ දෝෂ සහිතව යුගල් විය හැක. එවැනි අවස්තාවක අවතරණයක් ඇති වුවහොත් දෝෂ සහිතව කොටස් හුවමාරු වූ වර්ණදේහ ඇති වේ. සෛලයක ක්‍රියාකාරීත්වය සඳහා එක් එක් ජානයක් වෙන වෙනම වැදගත් කාර්යයක් ඉටු කරනවා මෙන්ම වෙනස් ජානයන්හි ක්‍රියාකාරීත්වයන්ද මනාව සමායෝජනය කල යුතු වේ. ජාන වල ක්‍රියාකාරීත්වයන් නිශ්චිත අනුපිළිවෙලකට සමතුලිතව සිදු විය යුතු වේ. ජාන වර්ණදේහයේ පිහිටන ස්ථානය වෙනස් වූ විට හෝ ජාන සංක්‍යාව වෙනස් වූ විට විකෘති ලක්ෂණ ඇති විය හැකිය.

  • වර්ණදේහ වල කොටස් කැඩී ඉවත් වීම.
  • වර්ණදේහයකින් කැඩී ඉවත් වූ කොටසක් වෙනත් වර්ණදේහයක් මත තැන්පත් වීම.

වර්ණදේහ සංක්‍යාවේ වෙනසක් නිසා ඇති වන විකෘති

විෂමගුණකතාවය

බහුගුණකතාවය

ප්‍රවේණික විකෘති

ප්‍රජනනයේදී ප්‍රවේණිගත විය හැකි පරිදි හෝ සෛල විභාජනයේදී දුහිතෘ සෛල වලට ගමන් කල හැකි වන පරිදි හෝ ප්‍රවේණි ද්‍රව්‍යයේ සිදු වන ස්ථාවර වෙනස් වීම් විකෘති ලෙස හැඳින්වේ.

ස්වයංසිද්ධව සිදු වන විකෘති වලට අමතරව බාහිර සාධක වල බලපෑම නිසාද ජීවීන් තුල විකෘති ඇති වේ. මෙලෙස විකෘති ඇති කල හැකි බාහිර සාධක විකෘතිකාරක ලෙස හැඳින්වේ. විකෘතිකාරක රසායනික හෝ භෞතික විය හැක.

රසායනික විකෘතිකාරක

  • නයිට්රස් අම්ලය, මස්ටඩ් වායුව - DNA වල භෂ්ම වල රසායනික ව්‍යුහය වෙනස් කිරීමේ හැකියාවක් ඇත.
  • කොල්විසීන් - ඌනන හෝ අනුනන විභාජනයේ දී ඇති වන තර්කුවේ තර්කු තන්තු කඩා බිඳ දැමීමේ හැකියාව සහිතය.

භෞතික විකෘතිකාරක

  • UV කිරණ - DNA වල භෂ්ම අතර අතිරේක සහ සංයුජ බන්ධන ඇති කරයි.
  • X කිරණ - DNA වල පොලිනියුක්ලියොටයිඩ දාම කැඩීම සිදු කරයි.

ප්‍රවේණික විකෘති

ප්‍රජනනයේදී ප්‍රවේණිගත විය හැකි පරිදි හෝ සෛල විභාජනයේදී දුහිතෘ සෛල වලට ගමන් කල හැකි වන පරිදි හෝ ප්‍රවේණි ද්‍රව්‍යයේ සිදු වන ස්ථාවර වෙනස් වීම් විකෘති ලෙස හැඳින්වේ.

කලාතුරකින් ඇති වන විකෘති ජීවියාට වඩා වාසි දායක ලක්ෂණ ඇති කරන ඒවා විය හැකිය. එසේ සිදු වන්නේ ජානයක විකෘතියක් නිසා ඇති වන ප්‍රෝටීනය වඩාත් කාර්යක්ෂම වන විටය. එසේ වූ විට එය ජීවියාගේ පැවැත්මට හෝ නව පරිසරයට වඩාත් හොඳින් අනුවර්තනයට හේතු විය හැක. එකම විශේෂයේ ජීවීන්ගේ ගෙනොම වල විකෘතීන් එකතු වීම නිසා විශේෂය තුල ජීවීන් අතර ප්‍රවේණික විවිධත්වයක් ඇති වේ. ස්වභාවික වරණයට භාජනය වන්නේ මෙම ප්‍රවේණික විවිධත්වයයි. ගහණ වල ජීවීන් අතර ඇති තරඟකාරීත්වය නිසා වඩා යෝග්‍ය ලක්ෂණ සහිත ජීවීන්ට වැඩි වාසි ලැබේ. මේ නිසා දිගු කාලයක් තිස්සේ සිදු වන ප්‍රජනනයේදී වඩා වාසිදායක ලක්ෂණ සහිත ජීවීන්ට ජනිතයින් බිහිකිරීම සඳහා ලැබෙන අවස්ථාවන් වැඩි වේ. මේ අන්දමින් ගහණයේ වාසිදායක ලක්ෂණ සහිත ජීවීන් ක්‍රමයෙන් වැඩි වන අතර අවාසිදායක ලක්ෂණ සහිත ජීවීන් ක්‍රමයෙන් අඩු වේ. මෙලෙස, ජීව විශේෂ වල ස්වභාවික වරණය සහ පරිණාමය කෙරෙහි මූලික වන්නේ විකෘති බව පැහැදිලිය.

Tags:

ප්‍රවේණික විකෘති විකෘති ඇති වීමට හේතුප්‍රවේණික විකෘති විකෘති වර්ගප්‍රවේණික විකෘති ජාන විකෘතිප්‍රවේණික විකෘති වර්ණදේහ විකෘතිප්‍රවේණික විකෘති විකෘතිකාරකප්‍රවේණික විකෘති විකෘති සහ පරිණාමයප්‍රවේණික විකෘති

🔥 Trending searches on Wiki සිංහල:

ආගමික නීතියසිංහල ප්‍රස්ථාව පිරුළුඅපද්‍රව්‍ය කළමනාකරණයකෘෂි කර්මාන්තයබ්‍රිතාන්‍ය ලංකාවරුවන්වැලිසෑයපොළොන්නරු යුගයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවනිදිකුම්බාශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයපෘථිවි දිනයබුද්ධාගමශ්‍රී ලංකා යුද්ධ හමුදාවමහාද්වීපශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයකැලණියසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමකුවේණි කුමරියඅඹශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්සජිත් ප්‍රේමදාසඋභය ජීවීන්කුරුණෑගල පාසල් නාමාවලියවැදි භාෂාවඅන්වීක්ෂයසතර සෘධිපාදනාමල් උඩුගමමන්නාරම බයෝබැබ් ගසගිනි කඳුමාදංරිදී විහාරයඑවරස්ට් කන්දඅක්මාවේ තෙල්ආකල්පඅයිසැක් නිව්ටන්ලෝක ආහාර අර්බුදයඅපරාධ නීතියආනන්ද සමරකෝන්අක්මාවකාවන්තිස්ස රජපාසල්සතර සංග්‍රහ වස්තුශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවවිජය රජරසායනික මූලද්‍රව්‍යචන්ද්‍රයාශ්‍රී ලංකාවේ පුරාණ දාගැබ්ශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ලශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී ලංකාවේ රබර් වගාවපයිතගරස් ප්‍රමේයයධාතුසේන රජජලභීතිකාවමානව ප්‍රජනන පද්ධතියශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ජාතික සංකේතසාම්ප්‍රදායික සිංහල අහාරඇරිස්ටෝටල්යාපනයථූපාරාමයසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්චන්ද්‍රිකා වැව ගොවිජනපද ව්‍යාපාරයචීනයවෙසක් උත්සවයවැලිවිට සරණංකර හිමිවිවාහයසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුඉන්දියාවේ දේශපාලන පක්ෂලිංගික ඉන්ද්‍රියන්ශ්‍රී ලංකාවේ වල් පැලැටිඅට විසි බුදුවරුඊශ්‍රායලයඌව වෙල්ලස්ස කැරැල්ල🡆 More