ඩොනල්ඩ් ට්‍රම්ප්

ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් (උපත: 1946 ජූනි 14) යනු අමෙරිකානු ජාතික ව්‍යාපාරිකයෙක්, ඉඩකඩම් සංවර්ධකයෙක්, රූපවාහිනී ඉදිරිපත්කරන්නෙක්, කතෘවරයෙක් සහ එක්සත් ජනපදයේ හිටපු 45 වන ජනාධිපතිවරයාද වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්
එක්සත් ජනපදයෙහි 45වන ජනාධිපතිවරයා
තනතුර දරමින්
ජනවාරි 20, 2017 – ජනවාරි 20, 2021
උප ජනාධිපතිවරයාමයික් පෙන්ස්
පූර්වප්‍රාප්තිකයාබරාක් ඔබාමා
අනුප්‍රාප්තිකයාජෝ බයිඩන්
පුද්ගලික තොරතුරු
උපත
ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප්

ජුනි 14, 1946 (1946-06-14) (වයස 77)
නිව්යෝර්ක් නගරය
දේශපාලන පක්ෂයරිපබ්ලිකන් (2012–වර්තමානය)
වෙනත් දේශපාලන
සබැඳියා
කලත්‍රයා
ඉවානා සෙල්නිච්කෝවා
(m. 1977; div. 1990)
මාර්ලා මේප්ල්ස්
(m. 1993; div. 1999)
දරුවන්
  • ඩොනල්ඩ් ට්‍රම්ප් කණි.
  • ඉවන්කා ට්‍රම්ප්
  • එරික් ට්‍රම්ප්
  • ටිෆනි ට්‍රම්ප්
  • [[]]
ඥාතීන්ට්‍රම්ප් පවුල
වාසස්ථාන
අධ්‍යාපනය
  • ෆොර්ඩම් විශ්වවිද්‍යාලය
  • පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය (බීඑස්)
රැකියාව
    • නිශ්චල දේපොළ ප්‍රවර්ධක
    • (ද ට්‍රම්ප් ඕර්ගනයිසේෂන්)
    • රූපවාහිනී නිෂ්පාදකයා
    • (දි ඇප්‍රෙන්ටිස්)
අත්සනDonald J Trump stylized autograph, in ink
වෙබ් අඩවිය

ඔහු 2016 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් තරඟ වැදී ඩෙමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන්ව පරාජය කරමින් ජනාධිපති ලෙස තේරීපත්වූ අතර 2017 ජනවාරි 20 වන දින ඔහු විසින් වැඩ භාරගන්නා ලදි. ඔහු ට්‍රම්ප් සංවිධානය හෙවත් 'ද ට්‍රම්ප් ඕර්ගනයිසේෂන්' හි සභාපතිවරයා වන අතර දැන් කාල් අයිකාන් නම් ව්‍යාපාරිකයාට අයත් ට්‍රම්ප් එන්ටටේන්මන්ට් රිසොර්ට්ස් නමැති සූදු හා හෝටල් ව්‍යාපාරයෙහි නිර්මාතෘවරයාද වේ. ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී දෙවන ධූර කාලයක් බලාපොරොත්තුවෙන් ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ට එරෙහිව තරඟ වැදුණු අතර, ඉන් පරාජයට පත්විය.

ට්‍රම්ප්, නිව්යෝක් නුවර ඉඩකඩම් සංවර්ධකයෙකු වූ ෆ්‍රෙඩ් ට්‍රම්ප්ගේ පුත්‍රයෙක් වූ අතර ඔහු තම උසස් අධ්‍යාපනය හදාරන අවදියේදී එලිසබෙත් ට්‍රම්ප් සහ පුත්‍රයා නම් සිය පියාගේ ව්‍යාපාර සමාගමට සේවය කළේය. 1968 දී පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ වෝටන් පාසලෙන් තම උපාධිය ලැබීමෙන් අනතුරුව ඔහු එම සමාගමට එක්වූ අතර 1971 දී එහි පාලනය හිමිවූ ඔහු පසු කාලීනව ද ට්‍රම්ප් ඕර්ගනයිසේෂන් (ට්‍රම්ප් සංවිධානය) ලෙස එහි නම වෙනස් කළේය. එතැන් පටන් ඔහු කැසිනෝ සූදුපළවල්, ගොල්ෆ් පිට්ටනි, හෝටල්, නිව්යෝක් නුවර ජනාවාසයක්, සහ වෙනත් දේපළ ඉඩකඩම් ඉදි කර සංවර්ධනය කර ඇති අතර ඉන් බොහොමයක් ඔහුගේ නම දරයි. ට්‍රම්ප් සහ ඔහුගේ ව්‍යාපාරයන්ද, ඔහුගේ විවාහයන් තුනද, ප්‍රසිද්ධ මාධ්‍ය නිරාවරණය ට ලක්වී ඇත. ඔහු එන්.බී.සී. රුපවාහිනියේ දි අප්‍රෙන්ටිස් නමැති ජනප්‍රිය රියැලිටි වැඩසටහනද 2004 සිට 2015 දක්වා මෙහෙයවිය.

2000 දී එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදීම ආරම්භ කල ඩොනල්ඩ් ට්‍රම්ප් මිනිසුන් විසින් ඡන්දය දීමට පෙර එයින් ඉවත් වුවද රිෆෝම් පක්ෂ ඡන්ද විමසීම් දෙකකින් ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය. 2015 ජූනි 16 වැනිදා, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමා 2016 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව නිල වශයෙන් නිවේදනය කරන ලදී.

ඔහු විසින් අසාධාරණ යයි සලකන NAFTA සහ TPP වැනි වෙළඳ ගිවිසුම් වලට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම, NAFTA සහ එක්සත් ජනපද - චීන වෙළඳ ගිවිසුම් සාධාරණ ලෙස යලි ගිවිස ගැනීම, එක්සත් ජනපද - මෙක්සිකෝ මායිම දිගේ ප්‍රාකාරයක් ඉදිකිරීම වැනි දෑ මගින් ආගමනය බලාත්මක කිරීම, සෙබලුන්ට සත්කාර කිරීමේ ව්‍යාපාර ප්‍රතිසංස්කරණය, PPACA නමැති සෞඛ්‍ය සත්කාර සම්බන්ධ ෆෙඩරල් ආඥාපනත අහෝසි කර ඒවෙනුවට වෙනත් සෞඛ්‍ය ආඥාපනතක් ගෙන ඒම, සහ බදු කප්පාදු කිරීම් වැනි දෑ ට්‍රම්ප්ගේ දේශපාලන වේදිකාවට ඇතුළත්ය. ට්‍රම්ප් නීතිය හා සාමය පිළිබඳ ප්‍රබල යෝජකයෙක් වෙයි. විභව ත්‍රස්තවාදීන් හඳුනාගැනීමේ වඩාත් නිවැරදිව ශිල්පක්‍රමයන් ගොඩනගාගෙන ඒවා උපයෝගී කරගන්නා තුරු එක්සත් ජනපදයට එරෙහිව ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රත්‍යක්ෂ වූ ඉතිහාසයක් ඇති රට වලින් ආගමනය තාවකාලිකව අත්හිටුවීමට ඔහු විසින් යෝජනා කර ඇත. ISIS සංවිධානය කඩිනමින් පරාජය කිරීම අනිවාර්ය බවද ඔහු විශ්වාස කරයි. ට්‍රම්ප්ගේ ජනාධිපතිවරන ව්‍යාපාරය පුළුල් මාධ්‍ය ආවරණයකට හා අන්තර්ජාතික අවධානයකට ලක්ව ඇත. සම්මුඛ සාකච්ඡා හා මැතිවරණ රැළි වලදී ඔහු විසින් කර ඇති ප්‍රකාශ බොහෝවිට මතභේදයට තුඩුදීමට හේතු වී ඇති අතර සමහර රැළි වල විරෝධය පලකිරීම් හා කෝලාහල කිරීම් ඇති වී ඇත.

ළමා අවධිය

වර්ෂ 1946 ජූනි මස 14 වන දින නිව්යෝක් නුවර ජනාවාසයක් වන ජමෙයිකා එස්ටේට්ස්, කුවින්ස් හි ට්‍රම්ප් උපත ලැබීය. ඔහු ගෘහණියක් හා ධානපතිනියක වූ මේරි ට්‍රම්ප් (විවාහයට පෙර මක්ලවුඩ්, 1912–2000) සහ ඉඩකඩම් සංවර්ධකයෙක් වූ ෆ්‍රෙඩ් ට්‍රම්ප් (1905–1999) යන විවාහක යුවලගේ ළමුන් පස් දෙනාගෙන් සතර වැන්නාය.

මේරි ස්කොට්ලන්තයේ ලුවිස් දූපතේ පිහිටා ඇති ටොන්ග් ග්‍රාමයේ උපත ලැබූවකි. වර්ෂ 1930 දී ඇයට වයස අවුරුදු 18 දී අමෙරිකාවට සංක්‍රමණය කළ ඇය එහිදී ගෘහ සේවිකාවක් ලෙස වසර හතරකට වඩා වැඩි කාලයක් සේවය කළාය. එහිදී ෆ්‍රෙඩ්ව දැන හඳුනාගත් ඇය 1936 දී ඔහු සමග විවාහ වී කුවින්ස් හි පිහිටි ජමෙයිකා එස්ටේට්ස් හි පදිංචි වූවාය. කාලයාගේ ඇවෑමෙන් ෆ්‍රෙඩ් නගරයේ විශාලතම ඉඩකඩම් සංවර්ධකයෙක් විය. වර්ෂ 1942 මාර්තු මස 10 වන දින මේරි එක්සත් ජනපද පුරවැසිභාවය ලැබුවාය.

පෞද්ගලික ජීවිතය

පවුල

ට්‍රම්ප් හට විවාහයන් තුනකින් දරුවන් පස් දෙනෙක් ඇති අතර ඔහුට සිටින මුණුබුරන් ගණන අට දෙනෙකි. ඔහුගේ පළමු විවාහයන් දෙක දික්කසාදයෙන් කෙළවර වූ අතර එම සිදුවීම් ටැබ්ලොයිඩ් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ විය.

ට්‍රම්ප් තම ප්‍රථම භාර්යාව වන ඉවානා සෙල්නීච්කෝවා නම් චෙක් ජාතික නිරූපිකාව සමග වර්ෂ 1977 අප්‍රේල් 9 වන දින නිව්යෝර්ක් නුවර මෑන්හැටන් හි පිහිටි මාර්බල් විද්‍යාලයීය පල්ලියේදී විවාහ වූ අතර එම මංගල්‍යය මෙහෙයවූයේ අමෙරිකාවෙ සුප්‍රසිද්ධ දේවගැති තැනක් වන නෝර්මන් විල්සන් පීල් විසිනි. ඔවුන්ට දරුවන් තිදෙනෙකි: පුත් ඩොනල්ඩ්, කණිටු (උපත: 1977 දෙසැම්බර් 31), දියණි ඉවංකා (උපත: 1981 ඔක්තෝම්බර් 30) සහ පුත් එරික් ට්‍රම්ප් (උපත: 1984 ජනවාරි 6). ඔවුහු තිදෙනම දැන් ට්‍රම්ප් සංවිධානයෙහි විධායක උපසභාපති වරුන් ලෙස කටයුතු කරන්නෝය. ඉවංකා තම දියණියක් නොවුනා නම් ඈ සමග පෙම් ඇසුරක් පැවැත්වීමට තමා කොපමණ ආශා කරන්නේද යැයි නැවත නැවතත් විහිලු කිරීම පිළිබඳ ට්‍රම්ප් විවේචනයට ලක්ව ඇත. වර්ෂ 1988 දී ඉවානා එක්සත් ජනපද පුරවැසිභාවය ලැබුවාය.

ආගමික අදහස්

ට්‍රම්ප් ප්‍රෙස්බිටේරියානු සභාවට අයත් අයෙකි. කුවින්ස් හි ජමෙයිකා ජනාවාසයේ පිහිටා ඇති පළමු ප්‍රෙස්බිටේරියානු පල්ලියට යෑම තමා ළමා කාලයේදී ආරම්භ කළ බව ඔහු විසින් පවසා ඇත. එම පල්ලියේ ඉරිදා දහම් පාසලට සහභාගී වූ ට්‍රම්ප් එහිදීම අභිවුර්දි ආලේපය ලැබුවේය.

සෞඛ්‍යය

ඔහුගේ වෛද්‍යවරයා වන හැරල්ඩ් බොර්ස්ටයින් M.D. විසින් සකසන ලද වෛද්‍ය වාර්තාවකට අනුව ට්‍රම්ප්ගේ රුධිර පීඩනය, අක්මාවේ හා තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරාසය තුළ පවතින බව පෙනී ඇත. ට්‍රම්ප් පවසන ආකාරයට ඔහු විසින් කිසිදා දුම්වැටි, කංසා හා වෙනත් මත්ද්‍රව්‍ය පරිභෝජනය කර නොමැත. ඔහු මත්පැන් පානය කරන්නේ නැත. ඔහු තුළ විසබීජ වලට ඇති බියට නැඹුරුකමක් පෙන්නුම් කෙරෙන අතර අන් අය සමග අතට අතදී ආචාර කිරීමට වැඩි කැමැත්තක් ඔහු නොදක්වයි.

2020 ඔක්තෝබර් 1 දින ජනාධිපති ට්‍රම්ප් හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර, ඊට පසු දින සුළු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඔහුව වෝල්ටර් රීඩ් හමුදා රෝහල වෙත ඇතුළත් කරන ලදී.

මූලාශ්‍ර

Tags:

ඩොනල්ඩ් ට්‍රම්ප් ළමා අවධියඩොනල්ඩ් ට්‍රම්ප් පෞද්ගලික ජීවිතයඩොනල්ඩ් ට්‍රම්ප් මූලාශ්‍රඩොනල්ඩ් ට්‍රම්ප්එක්සත් ජනපදය

🔥 Trending searches on Wiki සිංහල:

දහඅට සන්නියවෙරළුඊශ්‍රායෙල - පලස්තීන ගැටුමසිංහල පිල්ලම්මාලිමාවකලාව යනුගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයමොනරාකාල් මාක්ස්පොළොන්නරුව පෞරාණික නගරයශ්‍රී ලංකා ගුවන් හමුදාවඅතිරසමාර්ටින් වික්‍රමසිංහසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්මිනිස් මොළයකැහිබෙල්ලාඅකුණුක්‍රිකට්එස්‌. මහින්ද හිමිඑස්. පණීභාරතශ්‍රී ලංකාවේ විදේශ සබඳතාගෞතම බුදුන්ගේ ධාතූන්ශ්‍රී ලංකාවේ නීති පද්ධතියසතරවරම් දෙවිවරුශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියශ්‍රී වික්‍රම රාජසිංහ රජසෝඩියම්කෝපිනාගදීප පුරාණ විහාරයඑඩිෂම් බංගලාවදර්ශනයඅනුර කුමාර දිසානායකඇසශ්‍රී ලංකාවේ දික්කසාද නීතිමාතලේරුධිර සංසරණ පද්ධතිය (මානව)ශ්‍රී ලංකා ජාතික ගීයරාශි චක්‍රයවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයකාලී දෙවඟනඅපද්‍රව්‍ය කළමනාකරණයසූත්‍ර පිටකයනැනෝ තාක්‍ෂණයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාගෝලීයකරණයඕමිශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයදියවැඩියාවචන්ද්‍රයානියුමෝනියාවභගමණියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයයාපහුව බලකොටුවසීගිරි ගීඉරානයශ්‍රී ලංකාවේ කම්කරු නීතියජේතවනාරාමය, අනුරාධපුරමූල්‍ය ප්‍රකාශනයවසළමා සහ යොවුන්වියේ මනෝ වෛද්‍ය විද්‍යාවක‍ඩොලානහිරු මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රාන්තිවීමේ උත්සවසර්වෝදයමොණරවිල කැප්පෙටිපොළවැව්මහාද්වීපස්වයං වින්දනයදෙවි දේවතාවියෝශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවඋද්ධමනයවැලිවිට සරණංකර හිමිකෙකටියපුරාතන ග්‍රීසියශ්‍රී ලංකා පොලිස් සේවයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය🡆 More