සරම්ප

රුබෙයෝලා නමින්ද හැදින්වෙන සරම්ප රෝගය මෝබිලි වෛරස් නම් ගණයට අයත් පැරාමික්සො වෛරසය මගින් ඇති කරනු ලැබේ.

සරම්ප (Measles)
වෙනත් නම්Morbilli, rubeola, red measles, English measles
සරම්ප
A child showing a four-day measles rash
විශේෂතාවInfectious disease
රෝග ලක්‍ෂණFever, cough, runny nose, inflamed eyes, rash
සංකුලතාPneumonia, seizures, encephalitis, subacute sclerosing panencephalitis
Usual onset10–12 days post-exposure
කාලපරාසය7–10 days
හේතුMeasles virus
වැළක්වීමMeasles vaccine
ප්‍රතිකාරSupportive care
සංඛ්‍යාතය20 million per year
මරණ73,400 (2015)


වෛරස වර්ගීකරණය

  • වර්ගය-(-) ssRNA
  • ගෝත්‍රය - Mononegavirales
  • කුලය -Paramyxoviridae
  • ගණය-Morbillivirus

රෝගය ව්‍යාපත් වන්නේ ආසාදිත රෝගයකුගේ නාසයෙන් හා මුඛයෙන් පිටවන බිදිති කෙලින්ම හෝ වාතය මාර්ගයෙන් ව්‍යාප්තවීම මගිනි. රෝගය සදහා ප්‍රතිශක්තිකරණය නොමැති අය අතරින් 90% කටම අසාදිත රෝගයකු මාර්ගයෙන් රෝගය බෝවේ. ඒ නිසා සරම්ප රෝගය ඇතැයි අනුමාන කෙරෙන සෑම රෝගියකුහටම ඉහත ආකරයට වාතය මගින් බෝවීම වැලැක්වීම සදහා ආරක්ෂිත විධිවිධාන යෙදිය යුතුවේ.

සරම්ප රෝගයෙහි බීජෞෂණ සමය වන්නේ රෝග ලක්ෂණ නොමැති දින 4 සිට 12 දක්වා වු කාල පරිච්ඡේදයයි. ආසාදිත රෝගීන්ට රෝග ලක්ෂණ ඇතිවු අවස්ථාවේ සිට සිරුර පුරා ලප ඇතිවී දින තුනක් සිට පහත් අතර කාලය ගතවන තෙක්ම තවෙකෙකුට රෝගය බෝ කිරීමේ හැකියාව ඇත. සරම්ප රෝග ය බුද්ධ වර්ෂ 600යෙන් ඔබ්බටද වාර්ථාවේ. කෙසේ වුවද රෝගය පිළිබදව මුල්ම විද්‍යාත්මක වාර්ථාවක් ඉදිරිපත් කරන ලද්දේ බුව . 860 –932 කාලයේදී විසු පර්සියානු ජාතික විද්‍යාඥයකු විසිනි. ඔහු විසින් රචිත ග්‍රන්ථයක වසුරිය හා සරම්ප රෝගය අතර වෙනස්කම් හා රෝගය හදුනා‍ගන්නා ආකාරය විස්තර කර තිබිණි. පසුගිය වසර 150 තුල සරම්ප රෝගය හේතුවෙන් ලොව පුරා ජනාතාව මිලියන 200ක් පමණ මියගොස් ඇත.

1954 දී ඇමරිකානු ජාතික එකලොස් හැවරිදි ඩේවිඩ් එඩ්මන්ඩ්සන් නම් රෝගී පිරිමි ළමයාගේ සිරුරෙන් ලබාගන්නා ලද වෛරසය විද්‍යාඥයන් විසින් කුකුළු කලල මාධ්‍යයක වර්ධනය කරන ලදී. මෙලෙස මේ වන විට වෛරසයේ ප්‍රභේද 21ක් හදුනාගෙන ඇත. 1963 සිට බලපත්‍ර ලද රෝගය සදහා ප්‍රතිශක්ති එන්නත් භාවිතයට ගැනේ.

ජර්මන් සරම්ප යනු රුබෙල්ලා වෛරසය මගින් ඇති කරන මෙයට අදාල නොවන රෝගී තත්වයකි.

මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

අවදානම් කළමනාකරණයශ්‍රී ලංකා‍ අලියාශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයකුවේට් රාජ්‍යයමුදල්දේශපාලන විද්‍යාවචතුරාර්ය සත්‍යයචලිතය පිළිබඳ නිව්ටන් නියමජපන් සංස්කෘතියසිවිල් නීතිය සහ පොදු නීතියටී.ආර්. ආරියරත්නඇසළ (ගස)බෝඹුරු ඇල්ලසංස්කරණ සංඛ්‍යාව අනුව විකිපීඩියානුවෝයාපහුව බලකොටුවව්ලැඩිමියර් ලෙනින්විද්‍යුත් චුම්බක තරංගමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවකුඹුක්තායිලන්තයපරිගණකයකජුඅටසිල්තොරතුරු තාක්‍ෂණයක‍ඩොලානයු‍රේනස්ජන කවිඅවුකන බුදු පිළිමයශ්‍රී ලංකාව ආවේණික මසුන්ආදරයඉස්සන් වගාවජන සන්නිවේදනයසෞරග්‍රහ මණ්ඩලයඑක්සත් රාජධානියදූරියන්ඕමිබිතු සිතුවම්නිරවි යුද්ධයකාටාර්දෙමළ අක්ෂර මාලාවඋම්මග්ග ජාතකයයාපනයආගමික නීතියපස්වන පරාක්‍රමබාහු රජනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.හෘදයාබාධයපරිසර දූෂණයමාතලේ කැරැල්ලජලයසාරිපුත්ත රහතන්වහන්සේසෞඛ්‍යයගුණදාස කපුගේහෘදයසෝමාවතිය විහාරයමොණරවිල කැප්පෙටිපොළභික්ෂූන් වහන්සේඇසශ්‍රී ලංකාවේ කෘෂිකර්මයගැට බෙරයසෙම්ප්‍රතිශ්‍යාවලෝකයේ රටවල්කාල් මාක්ස්ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියකාංසා අක්‍රමතාවයවකුගඩු රෝගත්‍යාග (නීතිය)බක් පසළොස්වක පෝයවිෂ්ණුචන්ද්‍ර මාස ක්‍රමයආර්ය අෂ්ඨාංගික මාර්ගයPoornima Nadunශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලපස්වන බුවනෙකබාහු රජමිශ්‍ර සිංහල හෝඩියතෙත් කලාපයේ ශාක විවිධත්වයකෘමියෝමහියංගනයගෝලීයකරණය🡆 More