ලාදුරුලාදුරු රෝගය - leprosy ලාදුරු කියන්නේ සුව කළ හැකි රෝගයක්.
නිසි ප්‍රතිකාර ගත යුතුයි. මේ සඳහා ප්‍රත්‍යක්‍ෂ ඖෂධ තිබෙනවා.
ලාදුරු රෝගය | |
---|---|
වර්ගීකරණය සහ බාහිර සම්පත් | |
ICD-10 | A30. |
ICD-9 | 030 |
OMIM | 246300 |
DiseasesDB | 8478 |
MedlinePlus | 001347 |
eMedicine | med/1281 derm/223 neuro/187 |
MeSH | C01.252.410.040.552.386 |
මයිකෝබැක්‌ටීරියම් ලෙප්‍රේ කියන දණ්‌ඩාකාර බැක්‌ටීරියාවකිනුයි ලාදුරු බෝ වන්නේ. බෝ නො වන වර්ගය පෝසි බැසිලරි හෙවත් PB යනුවෙනුත් බෝ වන වර්ගය මල්ටි බැසිලරි හෙවත් MB යනුවෙනුත් තමයි හඳුන්වන්නේ. බෝ වන වර්ගයේ ලාදුරු හැදුණු කෙනකු ගෙන් තවත් කෙනකුට බෝ වෙන්න ඉඩ තිබෙනවා. බැක්‌ටීරියා නාශක ඖෂධ දින 3ක කෙටි කාලයක් තුළ රෝග කාරක බැක්‌ටීරියාව විනාශ කරන නිසා ප්‍රතිකාර ගන්නා රෝගියකු ගෙන් කෙනකුට බෝ වෙන්නේ නෑ. මේ රෝගය බෝ වෙන්නේ ප්‍රතිකාර නො ගන්නා රෝගියකු ගෙන් පමණයි. ප්‍රතිකාර නො ගන්නා බෝ වන වර්ගයේ ලාදුරු රෝගියකු කහින විටත් කිවිසුම් පිටවන විටත් ශ්වසන පද්ධතිය හරහා පරිසරයට පිට වන කෙළ බිඳිති වෙනත් කෙනකුට රෝගය බෝ කිරීමට හේතුවක් වෙනවා.
කිසියම් රටක වෙසෙන ජනතාව ගෙන් සියයට 80කට පමණ ලාදුරු බැක්‌ටීරියාව මර්දනය කිරීමට හැකි ප්‍රතිශක්‌තියක් ශරීරයේ ගැබ් වී තිබෙනවා. ඒ නිසා රෝගය බෝ විය හැක්‌කේ ජනගහනයෙන් සියයට 10කට පමණයි. සම මතුපිට ළා පැහැති දුර්වර්ණ දැනීමක් නැති ලප තමයි මේ රෝගයේ මූලික ලක්‌ෂණය. මෙවැනි ලප එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හිසේ හැර ශරීරය පුරා තිබීමත් කන්පෙති හා ශරීරයේ සම ඝන වීමත් මූලික ලක්‌ෂණ කිහිපයක්. නොකඩවා හිරි වැටීම් තිබෙන්නටත් පුළුවන්. ලප පහකට අඩු නම් ඒ බෝ නො වන වර්ගයේ ලාදුරුවල ලක්‌ෂණයක්. ලප 5ට වඩා වැඩි නම් බෝ වන වර්ගයේ ලාදුරුවල ලක්‌ෂණයක්. නිසි ප්‍රතිකාර නො ගැනීමෙන් පර්යන්ත ස්‌නායු පද්ධතියට රෝගය පැතිරීම නිසා ඇඟිලි වකුටු වීම, පාදයේ වළලුකරින් පහළ කොටස අප්‍රාණික වීම වැනි තත්ත්ව ඇති විය හැකියි. ප්‍රතිකාර ගැනීම වඩාත් ප්‍රමාද වුවොත් පාදයේ දැනීම නොමැති වීම හේතුවෙන් දියවැඩියා රෝගීන් ගේ පාදවල ඇති වන තුවාලවලට සමාන වූ තුවාල දක්‌නට ලැබෙනවා. රෝගයේ මුල් අවස්ථාවේ දී ප්‍රතිකාර ගැනීමෙන් විකෘතිතා ඇති වීම වළක්‌වා ගන්නට හැකියාව තිබෙනවා"
කෙටිකාලීන ප්‍රත්‍යක්‍ෂ ඖෂධ රෝගීන්ට ලබා දෙනවා. රෝගයේ වර්ගය අනුව ප්‍රතිකාර කාල සීමාව වෙනස් වෙනවා බෝ නො වන වර්ගය සඳහා ඖෂධ වර්ග දෙකක් මාස 6ක් තුළ ලබාගත යුතුයි. බෝ වන වර්ගය සඳහා තවත් අමතර ඖෂධයක් ඇතුළත් වෙනවා. මේ ඖෂධ මාස 12ක කාලයක් තුළ ලබාගත යුතුයි. අතුරු ආබාධ ඇති වන්නේ ඉතා ම අඩුවෙන්. සියයට 90ක් රෝගීන්ට අතුරු ආබාධ ඇති වන්නේ නෑ. මසකට වරක් ලබාගන්නා rifampicin 300 නම් ඖෂධය නිසා මසකට වරක් ප්‍රතිකාර ගන්නා මුල් දිනයේ මුත්‍රා රතු පාට විය හැකියි. එයට හේතුව එම ඖෂධයේ අඩංගු වර්ණක. බෝ වන ලාදුරු රෝගීන් භාවිත කරන clofazimine නම් ඖෂධය සමහර රෝගීන් ගේ සම දුර්වර්ණ කිරීමට හේතු වෙනවා. ප්‍රතිකාර අවසන් වීමෙන් පසු යථා තත්ත්වයට පත් වෙනවා. ප්‍රතිකාර ගන්නා කාලය තුළ ඇස් හා මුත්‍රා කහ පාට විය හැකියි. මේ රෝග ලක්‌ෂණ දුටු වහාම ප්‍රතිකාර නවතා වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.
තචද Dapsone නැමැති ඔෂධය සමහරක් රෝගීන් හට අසත්මිකතා ඇති කරයි (හිසේ කැක්කුම/ඇස් රිදීම/උණ/ මුහුණ සහ පපුව රතු වීම/ තොල් ඉදිමීම) එවිට වහාම ප්‍රතිකාර නතර කර රෝහලේ සායනයට සහභාගි වි ප්‍රතිකාර ක්‍රමය වෙනස් කර ගත යුතුය.
6 month regimen for Paucibacillary (PB) Leprosy
Dapsone | Rifampicin | |
Adult 50 - 70 kg | 100 mg Given daily | 600 mg Given once a month under supervision |
Child 10 - 14 yearsa | 50 mg Given daily | 450 mg Given once a month under supervision |
12 month regimen for Multibacillary (MB) Leprosy Dapsone
Rifampicin
Clofazimine
Adult
50 - 70 kg
100 mg
Given daily
600 mg
Given once a month under supervision
50 mg
Given daily
AND
300 mg
Given once a month under supervision
Child
10 - 14 yearsb
50 mg
Given daily
450 mg
Given once a month under supervision
50 mg
Given every other day
AND
150 mg
Given once a month under supervision
ආකාර 2 කි.
සායනික හඳුනා ගැනීම
මෙහිදී සිදු වන්නේ රෝගියා ගේ බාහිර රෝග ලක්ෂණ මගින් එනම් සමේ ඇති වී තිබෙන ලප ආදිය මගින් හා හැඟීම් දැනීම් නැතිවී යාම් හා හිරි ගතිය ආදිය මගින් රෝග විනිශ්චය කිරීම යි. නමුත් රෝගය මුල් අවස්ථාවේ දී මෙන්ම වෙනත් සමේ රෝග තත්වයන් නිසා ඇතැම් විට සායනික හඳුනා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ .
රසායනාගාර පරීක්ෂණ
ලාදුරු රෝගය හඳුනා ගැනීම සඳහා ප්‍රධානතම පරීක්ෂණය වන්නේ සමේ ඇති ලප ගැටිති ආදිය මගින් ලබා ගන්නා සාම්පල වල ලාදුරු රෝග කාරක බැක්ටීරියාව සිටීදැයි අන්වීක්ෂීය පරීක්ෂාවට යොමු කිරීම යි. මෙහිදී සිදු වන්නේ කුඩා ශල්‍ය පිහි තුඩක් (surgical blade) මගින් අදාල ස්ථානයේ මිලි මීටර් 2 පමණ ගැඹුරට කැපුමක් යොදා රුධිරය මිශ්‍ර නොවන ලෙස සමේ ස්තරයක් සූරා ලබා ගෙන වීදුරු කදාවක තවරා, සීල් නීල්සන් ක්‍රමයට වර්ණ ගන්වා අන්වීක්ෂීය පරීක්ෂාවට යොමු කිරීමයි.
This article uses material from the Wikipedia සිංහල article ලාදුරු, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.