යූටියුබ්

යූ ටියුබ් යනු 2005 පෙබරවාරි මස දී පේපෑල් සාමාජිකයන් තිදෙනෙක් විසින් නිමවන ලද වීඩියෝ හුවමාරු වෙබ් අඩවියකි..2006 න් පසු ගූගල් ආයතනයට හිමිව ඇති යූ ටියුබ් භාවිතයෙන් වීඩියෝ දර්ශණ පට උඩුගත කිරීම් නැරඹීම් සහ වීඩියෝපට හුවමරු කරගැනීම් සිදුකල හැක.කැලිෆෝනියාවේ සැන් බෲනෝ හි පවත්වගෙන යන මෙම ආයතනය සතුව ඇඩෝබි ෆ්ලෑශ් විඩියෝ සහ HTML5 තාක්ශණය භවිතයෙන් කරනලද ,රූපවහිනී දර්ශනපට සහ සංගීත වීඩියෝපට,කෙටි නව වීඩියෝපට,අධ්‍යාපනික වීඩියෝපට සහ ආධුනිකයන් විසින් ඉදිරි පත් කරනද නිර්මාණ ද ඇතුලත් වේ.

යූ ටියුබ්
යූටියුබ්
ගොනුව:YouTube Homepage Dec 7 2012.png
යූ ටියුබ් හි මුල්පිටුවේ තිර පිටපතක්
වර්ගයපොදු
ස්ථාපිත කළේපෙබරවාරි 14, 2005 (2005-02-14)
ප්‍රධාන කාර්යාලය901 චෙරි පෙදෙස, සැන් බ්‍රූනෝ,
කැලිෆෝනියා
, අමෙරිකා එක්සත් ජනපදය
සේවා සැපයුම් ප්‍රදේශලොවපුරා (යූ ටියුබ් අවහිර කරන ලද රටවල් වල හැර)
ආරම්භකයා/යන්ස්ටිව් චෙන්, චැඩ් හ'ලි, ජාවඩ් කරීම්
ප්‍රධානීන්සුසාන් වොජ්සිකී (ප්‍රධාන විධායක නිලධාරී)
චැඩ් හර්ලි (උපදේශක)
ක්ෂේත්‍රයඅන්තර්ජාල
මව් සමාගමනිදහස් (2005–2006)
ගූගල් (2006–මේ දක්වා)
සමාගමේ පාඨය(න්)ඔබම ප්‍රචාරය කරන්න (2005–2012)
වෙබ් අඩවියYouTube.com
ක්‍රමලේඛන භාෂාවPython
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීමSteady 3 (අප්‍රේල් 2014)
වෙබ් අඩවියේ
වර්ගය
වීඩියෝ ධාරක සේවාව
දැන්වීම් ප්‍රචාරණගූගල් AdSense
ලියාපදිංචියඅනිවාර්ය නොමැත (ලියාපදිංචිය අවශ්‍ය වන්නේ වීඩියෝ උඩුගත කිරීම,පරිශීලක අදහස් දැක්වීම් වීඩියෝවට කැමැත්ත ප්‍රකාශ කිරීම වැනි විශේෂිත ක්‍රියාවන් සදහා පමණි.)
භාෂාවන්පරිශීලික අතුරු මුහුණත් හරහා භාෂා 61
දියත් කළේපෙබරවාරි 14, 2005 (2005-02-14)
දැනට තත්ත්වයසක්‍රීය

යූ ටියුබ් හී විශාල ප්‍රමාණයක් තනි පුද්ගලයන් විසින් උඩුගත කරන ලද වීඩියෝපටද,සංස්‍ථාපිත ආයතන වන CBS,BBC,Vevo,HULU වැනි ආයතන උඩුගත කරන ලද විඩියෝපටද, යූ ටියුබ් සාමජික වැඩසටහන් කොටස් ලෙසද අඩංගු වේ.ලියපදිංචි නොවූ සාමාජිකයින්ට විඩියෝපට නැරඹීමට ද,ලියාපදිංචි වූ සාමාජිකයින්ට අසීමිත ප්‍රමණයක් විඩියෝපට උඩුගත කිරීමටද මෙමගින් අවස්ථාව සලසා ඇත.වැඩිහිටියන්ට පමණක් වූ දර්ශන වයස අවුරුදු 18 සම්පූර්ණ බව සනාථ කල හැකි සාමාජිකයින්ට පමණක් නැරඹිය හැක.ගූගල් ආධාර වැඩසටහනයටතේ ඇමරිකානු ඩොලර් බිලියන 1.65 කට මෙම යූ ටියුබ් LLC ආයතනය මිලට ගෙන ඇත.

ආයතන අතීතය

යූටියුබ් 
වමේ සිට දකුණට: චැඩ් හර්ලි, ස්ටීව් චෙන් සහ ජාවෙඩ් කරීම්

පේපෑල් ආයතනයේ කලින් සේවකයින්වූ චැඩ් හ'ලි,ස්ටීව් චෙන් සහ ජාවඩ් කරීම් යන තිදෙන විසින් යූ ටියුබ් අරඹන ලදී.පෙන්සිල් වෙනියා හී ඉන්ඩියානා විශ්ව විද්‍යාලයෙ නිර්මානකරණය හ'ලි විසින් හදාරා ඇති අතර,චෙන් සහ කරීම් ඉලනොඉඩ් විශ්ව විද්‍යාලයේ පරිඝණක විද්‍යාව හදාරා ඇත.සැන් ෆ්‍රැන්සිස්කො හී චෙන් ගේ ලැගුම්හලේදී තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් ආවරණය කොට එහි වීඩියෝ දසුන් එයට සහභාගී නොවූ කරීම්ට හුවමරු කර ගෙනීමේ දී ඇති වූ අපහසුතා වලින් පසු මෙම යූ ටියුබ් පිලිබඳ අදහස ඇතිවී ඇත.තවද 2004 ආසියාවේ ඇති වූ සුනාමි සිද්ධියේ වීඩියෝපට ද අන්තර්ජාලය තුලින් සොයා ගැනීමට තිබූ අපහසුතාවයද මෙම යූ ටියුබ් අදහස ඇතිවීමට මුල් වී ඇත.තවද හ'ලි සහ චෙන් ප්‍රකාශ කරන පරිදි ඔවුනට අවශ්‍ය වූ "ඔන්ලයින් ඩෙටිං සර්විස් " නම් වූ දින වෙන් කර ගැනීමේ සේවයක් වූ "හොට් ඔර් නොට් "වෙබ් අඩවිය හරහා මෙම අදහස ඉදිරිපත් වූ බවයි.මූලාරම්භයේදී ඩොලර් මිලියන 11.5 ක මුදල් ආයෝජනයකින් සික්වියා කැපිටල් නමින් 2005 නොවැම්බර් සහ 2006 අප්‍රේල් අතර කාලයේදී සිදු කල වාණිජමය සම්ප්‍රේශණයක් ලෙසින් යූ ටියුබ් ආරම්භ කර ඇත.කැලිෆෝනියාවේ සැන්ටියාගෝ නුවර පිහිටි ජපාන ආපන ශාලවක පිහිටුවා ගත් ස්ථානයක මුලින්ම යූ ටියුබ් මූලස්ථානය ලෙස පැවතුනි. "Me at the zoo(සත්තුවතේ දී මා)" යන නමින් නිකුත් වූ විඩියෝ දර්ශන පෙල මුල්ම යූ ටියුබ් වීඩියෝ දර්ශන පෙල ලෙස සැලකෙන අතර එහිදී සම නිර්මාණකරු වන ජේකබ් කරීම් සැන්ඩියාගෝ සතුන් වත්තේ දී ගන්නා ලද ඡායා රූප ඊට අන්තර්ගත විය.එවා 2005 අප්‍රේල් 23 වන දින උඩුගත කල අතර එය තවමත් යූ ටියුබ් වෙබ් අඩවියෙන් නැරඹිය හැක.2005 නොවැම්බර් මස නිල දියත් කිරීමෙන් පසුව 2006 ජූලි මස වන විට දිනකට වීඩියෝ දර්ශණ 6500ක් පමණ උඩුගත කරන බවත් මිලියන 100කට වැඩි ප්‍රමාණයක වීඩියෝ පට නරඹන බවත් එහි ප්‍රකාශකයෙක් පවසා ඇත.කොම්ස්කෝ නැමති වෙළඳ පර්යේෂණ අයතනයකින් ලබාගත් තොරතුරු මෙයට ඇතුලත්ව ඇත.

එක්සත් ජනපදයේ ප්‍රධාන පෙලේ සබැදි වීඩියෝ පට සපයන ආයතනයක් ලෙස යූ ටියුබ් හැදින් විය හැකිය.2010 මැයිවන විට කොටස් වෙළද පොළේ 43% ක් ද වීඩියෝ පට බිලියන 14ක් පමණද යූ ටියුබ් සතුව පැවත ඇත.

යූ ටියුබ් හී දැක්වෙන පරිදි සෑම මිනිත්තුවකට වරක් වීඩියෝ පැය 100ක් පමණ උඩුගත වේ.ඉන් 3/4ක් පමණ එක්සත් ජනපදයට පිටස්තර වන අතර සෑම මසකටම අලුතින් සාමාජිකයින් මිලියන 800ක් පමණ යූ ටියුබ් හී සාමාජිකත්වය ලබා ගනී.Alexa ශ්‍රේණි ගත කිරීම් වලට අනුව අන්තර් ජාලයේ ගූගල් සහ ෆේස්බුක් වලට පසුව තෙවනියට වැඩිම පිරිසක් පිවිසෙන වෙබ් අඩවිය බවට යූ ටියුබ් පත්වී ඇත.

www.youtube.com යන වසම් නාමය තෝරාගැනීම ගැටලු රැසකට හේතුවිය.www.utube.com යන නමින් තවත් වෙබ් අඩවියක් තිබීම මෙයට හේතුවිය.මෙම ආයතනය හිමි යුනිවර්සල් ටියුබ් සහ රෝල්ෆෝම් ඉක්විප්මන්ට් ආයතනය විසින් 2006 නොවැම්බර් මස දී නීතියේ සහය පතා නඩුවක් ගොනු කිරීමට හේතු වූයේත් මිනිසුන් වැඩිපිරිසක් තම වෙබ් අඩවි නාමයට සමාන නාමයක් ඇති නව වෙබ් අඩවියට වැඩියෙන් පිවිසීමයි.කෙසේ වෙතත් www.utiube.com හී නාමය www.utiyubeonline.com ලෙස වෙනස් කිරීමෙන් අනතුරුව මෙම ගැටලුව නිරාකරණය වූ අතර,ඉන් පසු ගූගල් අයතනය විසින් 2006 නොවැම්බර් 13 වන දින ඩොලර් බිලියන 1.65කට යූ ටියුබ් ආයතනය මිලට ගන්නා ලදී.

යූටියුබ් 
යූ ටියුබ් මූලස්ථානය 2010 දී සැන් බෲනෝ, කැලිෆෝනියා.

යූ ටියුබ් සඳහා වැය වන මුදල පිලිබඳ කිසිදු සඳහනක් නොකරන ගූගල් ආයතනය ආදායම ගැනද කිසිවක් ප්‍රකාශ නොකරයි.කෙසේ වෙතත් ෆෝබ්ස් සඟරාව පවසන පරිදි 2008 දී යූ ටියුබ් ආදයම ලෙස ඩොලර් මිලියන 200ක් පමණ උපයාගෙන ඇත.2006 ජූනි මසදී NBC සමග විකිණුම් සහ දැන්වීම් කොටස් කරුවන් ලෙස යූ ටියුබ් එකතු වී ඇත.2008 නොවැම්බර් මසදී MGM,Lions Gate Entertainment සහ CBS ආයතන අතර සම්මුතියකට එලඹි ඇති අතර මෙමඟින් බලා පොරොත්තු වූයේ NBC,Fox සහ Disney වැනි ආයතන වල වීඩියෝ අතුලත් Hulu වැනි වෙබ් අඩවි සමඟ තරඟකාරිත්වයක් ඇති කිරීමයි.ඉන් පසු මෙමෙ ආයතන වලින් ලබා ගත් වීඩියෝ දර්ශන එක්සත් ජනපදයෙන් පිටස්තරවත් ප්‍රදර්ශණය කරන ලදී.

ලක්ෂණ

වීඩියෝ තාක්ෂණය

ප්‍රතිධාවනය

පුද්ගලික පරිඝණකයක යූ ටියුබ් වීඩියෝ දර්ශන නැරඹිමට එම පරිඝණකයේ ඇඩෝබි ෆ්ලෑෂ් ප්ලේයර් මෘදුකාංගය ඇතුලත්ව තිබිය යුතුය.2010 ජනවාරියේ දී යූ ටියුබ් මඟින් පරීක්ෂණාත්මක වෙබ් අඩවියක් නිකුත් කල අතර මෙමඟින් HTML5 තාක්ෂණය උපයෝගී කොටගත් වෙබ් අඩවි වලට පිවිසීමට ඇති හැකියාව සහ ඇඩෝබි ෆ්ලෑෂ් ප්ලේයර් මෘදුකාංගය නොමැතිව යූ ටියුබ් වීඩියෝ දර්ෂණ නැරඹීමට ඇති හැකියාව සොයා බලා ඇත.

උඩුගත කිරීම්

වරකට විනාඩි 15ක කාලයකින් යුත් වීඩියෝ දර්ෂණ උඩුගත කළ හැකි අතර විශ්වාසය දිනාගත් ප්‍රවීන සාමාජිකයින්ට තම ජංගම දුරකථනය හරහා ස්ථීර සාමජිකත්වය තහවුරු කිරීමෙන් පසු පැය 12 ක් තරම් දිගු වීඩියෝ දර්ෂණ උඩුගත කිරීමේ හැකියාව ඇත.2005 දී දියත් කරනු ලැබූ යූ ට්යුබ් හරහා අසීමිත ප්‍රමාණයක උඩුගත කිරීම් සදහා අවස්ථාව තිබුනද ඉන්පසු විනාඩි 10ක කාල සීමාවකට සීමා කරන ලදී.2010 ජූලි මසදී මෙම කාල සීමාව විනාඩි 15 දක්වා දීර්ඝ කරන ලද අතර වීඩියෝවේ ප්‍රමාණය 2GB දක්වා සීමා කලත් යාවත්කාලීන කරන ලද වෙබ් බ්‍රවුසර සදහා 20GB දක්වා උඩුගත කිරීම් සිදුකල හැක. යූ ටියුබ් සදහා AVI,MKV,MOV,MP4,Divx සහ FLV වැනි ආකෘති වලින් යුතු වීඩියෝ පට උඩුගත කිරීම් සිදුකල හැක.ස්කෑන් කිරීම් මගින් සහ ජංගම දුරකථන භාවිතයෙන් 3gp ආකෘතියේ වීඩියෝ දර්ෂණ ද උඩුගත කිරීම් කල හැකිය.

කොඩෙක් තත්ත්වය

මුල් යුගයේදී විභේදනය පික්සල් 320x240 ක් වූ එක් තත්ත්ව මට්ටමකට අයත් වීඩියෝ පමණක් භවිතා කිරීමට අවකාශ සලසා තිබුණි. එහිදී සොරෙන්සන් ස්පාර්ක් කොඩෙක් භවිතය සිදුවිය.2007 ජූනි මාසයෙදී ජංගම දුරකතන මගින් සම්බන්ධ වී වීඩියෝ නැරඹීමේ අවස්ථාව භාවිතා කරන්නන්ට ලැබුණි.2008 නොවැම්බරයේදී 720p උපකාරය එක් කොට යූ ටියුබ් ධාවකය 4:3 අනුපාතයක සිට 16:9 අනුපාතයකට අනුව පුළුල් තිර දර්ශනයට මාරු වීම කරනලදී. අවසන් වශයෙන් 4-k ආකෘතියට වෙනස් කොට විභේදන හැකියාව 4096x3072 ට වර්ධනය වීම සිදුවිය. 2010 ජූලි මසදී යූ ටියුබ් ප්‍රකාශ කළ පරිදි පික්සල් 4096x3072 විභේදනයට ලක් විය හැකි 4k ආකෘතියකට අනුව වීඩියෝපට විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කොට ඇත.ආරම්භයේ සිට විභේදනය පික්සල් 3840x2160 තෙක් උපරිම පික්සල් ප්‍රමාණයකින් දෙපසට පික්සල් 1080 ලෙසින් අඩුකිරීම සිදු කර ඇත.ඉතා උසස් ත්ත්වයෙන් යුක්තව වීඩියෝ විශාල ප්‍රමාණයක් යූ ටියුබ් හී දක්නට ලැබේ.කලින් යොදා තිබූ සම්මත තත්ත්ව(SQ), ඉහළ තත්ත්වය (HQ)සහ ඉහළ අර්ථයේ වීඩියෝ (HD)ද වීඩියෝ වේ සිරස් විභේදනයට සාපේක්ෂ අංකිත අගය යොදා වෙනස් කර ඇත .නිරවද්‍ය වීඩියෝ ධාරාවH.264/MPEG-4AVC ආකෘතියට අනුව ස්ටීරියෝ AAC ඕඩියෝ වශයෙන් කේතාංක කර ඇත.

ත්‍රිමාණ වීඩියෝ

යූ ටියුබ් මෘදුකාංග ඉන්ජිනේරුවෙකු වූ පීටර් බැඩ් ෂෝ 2009 ජූලි 21 වන දින නිවේදනය කල පරිදි යූ ටියුබ් භාවිතා කරන්නන්ට ත්‍රිමාන වීඩියෝ උඩුගත කිරීමේ පහසුකම සපයා ඇත.සාමන්‍ය ඇනග්ලිප් (සියෑන් /රතු කාච ) ක්‍රමයට අදාල ත්‍රිමාන අවස්ථා ලැබෙන කණාඩි පැලදගෙන නැරඹීමේ හැකියාව ඇති වීඩියෝ වර්ග මෙන්ම විවිධ වර්ගයේ වීඩියෝ ද යූ ටියුබ් මගින් ඉදිරිපත් කරයි.ස්ටීරියෝ තිර ලෙසින් හදුන්වන තීර පේලි හෝ දාම් ලෑල්ලේ ආකෘතියට ප්‍රදර්ශනය වන ,රතු /සියෑන් ,කොළ /නිල්/කහ මිශ්‍රනයෙන් සැදුම්ලත් ඇනග්ලිප් හෝ පැත්තෙන් පැත්තට දර්ශන නැරඹීමේ හැකියාව ඇත .Nvidia ත්‍රිමාන දර්ශනය ට සංගත පැත්තෙන් පැතට දර්ශනය වන ත්‍රිමාන දර්ශන සඳහාද ක්‍රියාකරන HTML 5 අනුවාදන 2011 මැයි මසදී අලුතෙන් එක් විය.

අදාල කොටසට අවතීර්ණය වීමේ හැකියාව

පරිශීලකයන්ට තම වෙබ් අඩවියට පරිබාහිරව තම වීඩියෝ පට නැරඹීමේ හැකියාව යූ ටියුබ් මඟින් සලසා දී ඇත.සෑම වෙබ් පිටුවකම වීඩියෝ දර්ශණයට අදාල HTML කොටස ගබඩා කොට එය බැලීමට ඇති හැකියාව යූ ටියුබ් සලසා දී ඇත. මෙම හැකියාව යූ ටියුබ් වීඩ්යෝ පට සමාජ වෙබ් අඩවි වල ප්‍රදර්ශනය කිරීමේදී බහුලව යොදා ගනී.යූ ටියුබ් තුලින් දැකිය හැකි වෙනත් කෙනෙකුගේ වීඩියෝ පිලිබඳ විස්තරයක් හෝ වීඩියෝ සාකච්චාවක් තුලින් පරිශීලකයෙකුට වීඩියෝ පතිචාර ඉදිරිපත් කිරීමේ හැකියාවද යූ ටියුබ් මඟින් සලසා දී ඇත.තවද 2013 අගෝස්තු මසදී යූ ටියුබ් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ විවේචනයක්,විග්‍රහයක් අදී ලෙස වෙනත් පරිශීලකයන් විසින් දක්වන ප්‍රතිචාර,එම ප්‍රතිචාර වල තත්ත්වය අනුව ඉවත් කිරීමට හෝ ඉවත් නොකිරීමට හැකියාව ඇතිබවයි.

සාමාන්‍යයෙන් යූ ටියුබ් හී දැක්වෙන වීඩියෝ දර්ශන බාගත කිරීමට ඈඳියක් යූ ටියුබ් මගින් ලබා නොදෙන අතර එය අදාල වෙබ් අතුරු මුහුණත් හරහා නැරඹීමට පමණක් ඉඩ සලසා ඇත.ඉතා සුලු ප්‍රමාණයක වීඩියෝ එනම් බරක් ඔබාමාගේ සති පතා ජාතිය ඇමතීම් වැනි දෑ MP4 ගොනු ලෙසින් බාගත කිරීමේ අවස්ථාව සලසා තිබුණි.ඒ අතරම තෙවැනි පාර්ශවයේ වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් බ්‍රවුසර සහ යෙදවුම් මෘදුකාංග භාවිතයෙන් පරිශීලකයින්ට වීඩියෝ පට බාගත කිරීමේ හැකියාව සලසා ඇත.2009 පෙබරවාරියේ දී යූ ටියුබ් මගින් හඳුන්වාදුන් පරීක්ෂණාත්මක සේවා සේවා ජාලයක් තුලින් ගූගල් පිරික්සුම හරහා සුලු ගෙවීමක් කර හෝ නොමිලයේම බාගත කිරීමට සමහර ග්‍රාහක කංඩායම් වලට අවස්ථාව සලසා දුනි.එසේම පසු කාලීනව යම් යම් වෙබ් අඩවි සදහා නෛතිකව සම්භාදක පනවන්නටද යූ ටියුබ් ආයතනයට සිදුවිය.කෙසේ හෝ අයිතිය සීමා කිරීමේ විකල්ප හැකියාවන්ද ඉන් අනතුරුව 2012 ජූලි මසයේ දී බල පැවැත් වුනි.

වේදිකාවන්

නවීනතම ස්මාර්ට් ජංගම දුරකථන වලටද යූ ටියුබ් වෙතට අවතීර්ණය වීමේ හැකියාව ලබාදී ඇත.එහෙත් ඉන් අවස්ථාව සලසා දී ඇත්තේ RTSP මාර්ගයෙන් ලඟාවිය හැකි සමහර වීඩියෝ සදහා පමණි.තවද එය එම විශේෂිත ජංගම දුරකථන සේවාව හා බැඳුන වෙබ් අඩවිය හරහා පමණක් විය. .

2007 ජූලි මාසයෙන් පසු සමහර ඇපල් නිශ්පාදන වලට පමණක් දර්ශණය වන යූ ටියුබ් දර්ශණ ලබා දී ඇත.ඇපල් රූපවාහිනී,iPod Touch සහ iPhone වැනි සමහර මෙවලම් හරහා යූ ටියුබ් වීඩියෝ දර්ශණ ලබා ගැනීමේ හැකියාව සලසා ඇත.අනතුරුව පසු කාලීනව සිදු කරන ලද තවත් වෙනස්කම් මඟින් වෙනත් මාර්ග ඔස්සේ මෙවැනි වීඩියෝ බාගත කිරීමේ අවස්ථාව උදාකර දෙන ලදී.

දේශීයකරණය

2007 ජූනි 19 වන දින ගූගල් ප්‍රධාන විධායක නිලධාරී එරික් ස්මිත් මෙහෙයවන ලද නවතම දේශීයකරණ පද්ධතීන් දියත් කර ඇත.මෙම වෙබ් අඩවියේ අතුරු මුහුණත රටවල් 71 කටත් එක් රාජ්‍යකටත්(හොංකොං) ලෝක ව්‍යාප්ත සංස්කරණ මගින්ද ලබා ගත හැක.

රට භාෂාව දියත්වූ දිනය
යූටියුබ්  USA (and worldwide launch) English Error in Template:Dts: 'February' is not a valid month
යූටියුබ්  Brazil Portuguese Error in Template:Dts: 'June' is not a valid month
යූටියුබ්  France French and Basque Error in Template:Dts: 'June' is not a valid month
යූටියුබ්  Ireland English Error in Template:Dts: 'June' is not a valid month
යූටියුබ්  Italy Italian Error in Template:Dts: 'June' is not a valid month
යූටියුබ්  Japan Japanese Error in Template:Dts: 'June' is not a valid month
යූටියුබ්  Netherlands Dutch Error in Template:Dts: 'June' is not a valid month
යූටියුබ්  Poland Polish Error in Template:Dts: 'June' is not a valid month
යූටියුබ්  Spain Spanish, Galician, Catalan and Basque Error in Template:Dts: 'June' is not a valid month
යූටියුබ්  United Kingdom English Error in Template:Dts: 'June' is not a valid month
යූටියුබ්  Mexico Spanish Error in Template:Dts: 'October' is not a valid month
යූටියුබ්  Hong Kong English and Chinese Error in Template:Dts: 'October' is not a valid month
සැකිල්ල:රටේ දත්ත Taiwan Chinese Error in Template:Dts: 'October' is not a valid month
යූටියුබ්  Australia English Error in Template:Dts: 'October' is not a valid month
යූටියුබ්  New Zealand English Error in Template:Dts: 'October' is not a valid month
යූටියුබ්  Canada English and French Error in Template:Dts: 'November' is not a valid month
යූටියුබ්  Germany German Error in Template:Dts: 'November' is not a valid month
යූටියුබ්  Russia Russian Error in Template:Dts: 'November' is not a valid month
යූටියුබ්  South Korea Korean Error in Template:Dts: 'January' is not a valid month
යූටියුබ්  India English, Bengali, Gujarati, Hindi, Kannada, Malayalam, Marathi, Punjabi, Tamil and Telugu Error in Template:Dts: 'May' is not a valid month
යූටියුබ්  Israel Hebrew and English Error in Template:Dts: 'September' is not a valid month
යූටියුබ්  Czech Republic Czech Error in Template:Dts: 'October' is not a valid month
යූටියුබ්  Sweden Swedish Error in Template:Dts: 'October' is not a valid month
යූටියුබ්  South Africa English and Afrikaans Error in Template:Dts: 'May' is not a valid month
යූටියුබ්  Argentina Spanish Error in Template:Dts: 'September' is not a valid month
යූටියුබ්  Algeria Arabic and French Error in Template:Dts: 'March' is not a valid month
යූටියුබ්  Egypt Arabic Error in Template:Dts: 'March' is not a valid month
සැකිල්ල:රටේ දත්ත Jordan Arabic Error in Template:Dts: 'March' is not a valid month
සැකිල්ල:රටේ දත්ත Morocco Arabic and French Error in Template:Dts: 'March' is not a valid month
යූටියුබ්  Saudi Arabia Arabic Error in Template:Dts: 'March' is not a valid month
සැකිල්ල:රටේ දත්ත Tunisia Arabic and French Error in Template:Dts: 'March' is not a valid month
සැකිල්ල:රටේ දත්ත Yemen Arabic Error in Template:Dts: 'March' is not a valid month
සැකිල්ල:රටේ දත්ත Kenya English and Swahili Error in Template:Dts: 'September' is not a valid month
යූටියුබ්  Philippines English and Filipino Error in Template:Dts: 'October' is not a valid month
සැකිල්ල:රටේ දත්ත Singapore English Error in Template:Dts: 'October' is not a valid month
යූටියුබ්  Belgium Dutch and French Error in Template:Dts: 'November' is not a valid month
සැකිල්ල:රටේ දත්ත Colombia Spanish Error in Template:Dts: 'November' is not a valid month
සැකිල්ල:රටේ දත්ත Uganda English Error in Template:Dts: 'December' is not a valid month
යූටියුබ්  Nigeria English Error in Template:Dts: 'December' is not a valid month
සැකිල්ල:රටේ දත්ත Chile Spanish Error in Template:Dts: 'January' is not a valid month
යූටියුබ්  Hungary Hungarian Error in Template:Dts: 'February' is not a valid month
යූටියුබ්  Malaysia English and Malay Error in Template:Dts: 'March' is not a valid month
සැකිල්ල:රටේ දත්ත Peru Spanish Error in Template:Dts: 'March' is not a valid month
යූටියුබ්  United Arab Emirates Arabic and English Error in Template:Dts: 'April' is not a valid month
යූටියුබ්  Greece Greek Error in Template:Dts: 'May' is not a valid month
යූටියුබ්  Indonesia English and Indonesian Error in Template:Dts: 'June' is not a valid month
සැකිල්ල:රටේ දත්ත Ghana English Error in Template:Dts: 'June' is not a valid month
සැකිල්ල:රටේ දත්ත Senegal English and French Error in Template:Dts: 'July' is not a valid month
සැකිල්ල:රටේ දත්ත Turkey Turkish Error in Template:Dts: 'October' is not a valid month
යූටියුබ්  Ukraine Ukrainian Error in Template:Dts: 'December' is not a valid month
යූටියුබ්  Denmark Danish Error in Template:Dts: 'February' is not a valid month
යූටියුබ්  Finland Finnish Error in Template:Dts: 'February' is not a valid month
යූටියුබ්  Norway Norwegian Error in Template:Dts: 'February' is not a valid month
යූටියුබ්   Switzerland German, French and Italian Error in Template:Dts: 'April' is not a valid month
යූටියුබ්  Austria German Error in Template:Dts: 'April' is not a valid month
යූටියුබ්  Romania Romanian Error in Template:Dts: 'April' is not a valid month
යූටියුබ්  Portugal Portuguese Error in Template:Dts: 'May' is not a valid month
යූටියුබ්  Slovakia Slovak Error in Template:Dts: 'May' is not a valid month
යූටියුබ්  Bahrain Arabic Error in Template:Dts: 'September' is not a valid month
සැකිල්ල:රටේ දත්ත Kuwait Arabic Error in Template:Dts: 'September' is not a valid month
යූටියුබ්  Oman Arabic Error in Template:Dts: 'September' is not a valid month
යූටියුබ්  Qatar Arabic Error in Template:Dts: 'September' is not a valid month
යූටියුබ්  Bosnia and Herzegovina Bosnian, Croatian and Serbian Error in Template:Dts: 'March' is not a valid month
යූටියුබ්  Bulgaria Bulgarian Error in Template:Dts: 'March' is not a valid month
යූටියුබ්  Croatia Croatian Error in Template:Dts: 'March' is not a valid month
යූටියුබ්  Estonia Estonian Error in Template:Dts: 'March' is not a valid month
යූටියුබ්  Latvia Latvian Error in Template:Dts: 'March' is not a valid month
සැකිල්ල:රටේ දත්ත Lithuania Lithuanian Error in Template:Dts: 'March' is not a valid month
සැකිල්ල:රටේ දත්ත Macedonia Macedonian, Serbian and Turkish Error in Template:Dts: 'March' is not a valid month
යූටියුබ්  Montenegro Croatian and Serbian Error in Template:Dts: 'March' is not a valid month
යූටියුබ්  Serbia Serbian Error in Template:Dts: 'March' is not a valid month
යූටියුබ්  Slovenia Slovenian Error in Template:Dts: 'March' is not a valid month
සැකිල්ල:රටේ දත්ත Thailand Thai Error in Template:Dts: 'April' is not a valid month

යූ ටියුබ් අතුරු මුහුණතේ යෝජිත පරිදි IP ලිපිනය පදනම් වූ ග්‍රාහකයින්ට තෝරා ගැනීම් වරම් ලැබී ඇත.සමහර අවස්ථාවල "මෙම වීඩියෝව ඔබේ රට තුල ලබා ගැනීමට නොහැක" වැනි අවවද ලබා දීමද සිදුවේ.නුසුසුදුසු අන්තර්ගතයන් හෝ තහන්චි නිසා මෙය සිදු වේ.

යූ ටියුබ් අතුරු මුහුණත දැනට භාෂා 61ක සංස්කරණ වලින් ක්‍රියාත්මක වේ.මෙය පර්සියානු,තායි,උර්දු සහ විටයට්නාම වැනි දේශීය විඩියෝ දර්ශණ අවස්ථා නොමැති රටවල් වලටද අදාල වේ.

2008 සහ 2010 අතරතුර මුස්ටෆා කමෙල් අටටූක් ට අපහාස වන අයුරින් සහ මුස්ලිම් නීති වලට පටහැණි වන අයුරින් වීඩියෝ ඇතුලත් වීම නිසා තුර්කියේ යූ ටියුබ් තහනමට ලක් විය.2012 දී youtube.com.tr යන වසම් නාමයෙන් දේශීය යූ ටියුබ් සේවාවක් තුර්කි නීති වලට පටහැණි නොවන ලෙස දියත් කෙරුනි..

යූ ටියුබ් සහ බ්‍රිතාන්‍ය රාජකීයන් අතර ඇතිවූ මත භේදයක් නිසා 2009 මාර්තු මසදී ආදික්‍ය ස්ංගීත වීඩියෝ එක්සත් රාජධානිය තුල විකාශනය කිරීම නවතා දමන ලදී.2009 සැප්තැම්බර් මස දී මෙම තහනම ඉවත් කරන ලදී.2009 අප්‍රේල් මසදී මෙම තහන්චියම ජර්මනියේදී ද ඇතිවිය.

අප්‍රේල් මෝඩයින්

2008 අප්‍රේල් පළමු වැනි දින සිට සෑම වසරකම අප්‍රේල් පළමු දිනට විහිලු වැඩසටහනක් යූ ටියුබ් මගින් ඉදිරිපත් කරයි.

    • 2008: රික් ඈස්ලි ගේ ස්ංගීත වීඩියෝව වන "Never gonna give you up(ඔබව අමතක කරන්න කිසිදා මා සූදානම් නෑ)" රික් රෝලිං නමින් විකට අංගයක් ලෙසින් සංස්කරනය වීම.
    • 2009: ප්‍රධාන පිටුවට යොමු වීමේදී මුලු පිටුවම උඩුයටිකුරු වීම.මෙය නව සැකැස්මක් ලෙස යූ ටියුබ් හදුන්වා දුනි.
    • 2010: තාවකාලිකව නිකුත් කළ TEXTp අවස්ථාව මඟින්,තිබෙන වර්ණයන් ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් අහඹු ලෙස දර්ශනය වීම.මෙය කලාප පළල සඳහා වැයවන වියදම තත්පරයකට ඩොලර් 1කින් අඩු කිරීම සදහා ගත් උත්සහායක් ලෙස යූ ටියුබ් මඟින් පවසා ඇත.
    • 2011: 1900 යුගයේ හාස්‍යමය චිත්‍රපට වූ ෆ්ලූගල්හෝන් ෆීලියින් සහ යතුරු පුවරු පූසා වැනි නිර්මාණ වල අකාරය සහ 1911 බොත්තම භාවිතයෙන් 100වන සංවස්තරය සැමරීම.
    • 2012: සියලුම වීඩියෝ දර්ශණ නිවසේ දී නැරඹිය හැකි අයුරෙන් DVD, Video cassette, laser disc ලබා ගැනීමට අඩවි සළකුණ අසල ඇති ලාංඡනයට අවතීර්න වන ලෙස ප්‍රකාශ කර සිටීම".
    • 2013: The Onion නම් උපහාසාත්මක පුවත් පත් සමාගම සමඟ හා එක්ව වීඩියෝ බෙදා ගැනීමේ තරඟයක් පවත්වා එහි අවසානයට පැමිණි බවත් එහි ජයග්‍රාහකයින් පිලිබඳව 2023 දී ප්‍රකාශ කරන බවත් ප්‍රකාශ කර සිටීම.මේ අනුව ඊළග පැය 12 තුල සජීවීව සම්බන්ධ වන සාමජිකයින් පිලිබඳ ව වීඩියෝ විග්‍රහයන කිරීමද සිදු විය.
    • 2014: වීඩියෝ වල වෛරසයක් ඇතුලු වීමේ ප්‍රවණතාවක් ඇතිවී ඇති බව ප්‍රකාශ කොට සිටීම.

සමාජ ගැටුම්

පුද්ගලික වශයෙන් තනි පුද්ගලයින්ද විශාල නිශ්පාදන සමාගම් වශයෙන්ද යූ ටියුබ් හී ප්‍රේක්ෂක පිරිස වර්ධනය කිරීමට දායක වී ඇත.ස්වාධීන අන්තර්ගතයන් තනන්නන් සුලුවෙන් මුදල් සහ මහන්සිය වැයකොට රේඩියෝ ප්‍රචාරක වැඩසටහන් වැනි වැඩ සටහන් නිපදවා ඇති අතර මහා පරිමණයෙන් රේඩියෝ වැඩසටහනක් කිර්‍රීම විශාල වියදමක් සහ ගැටලු රැසක් ඇති වීමට හේතු වන කරුණකි.කෙසේ හෝ පැරණි චිත්‍රපට නලු නිලියන් විසින් සහ ඉදිරිපත් කර ඇති වැඩසටහන් වල තත්ත්වය පරීක්ෂා කොට බලා වාර්ථා ඉදිරිපත් කිරීමට යූ ටියුබ් හී කලමනාකාරීත්වය පියවර ගෙන ඇත.ආදායම් හුවමාරු කිරීමේ "කොටස්කරු වැඩසටහන්" මගින් වසරකට ඩොලර් ලක්ශයක පමණ අදායමක් ලැබීමට හැකිවී ඇත.2012 දී CMU ව්‍යාපාරික සංස්කාරක,යූ ටියුබ් යනු නොමිලයේ සංගීත වීඩියෝපට ප්‍රවර්ධනය කල හැකි මාධ්‍යක් ලෙස ප්‍රකශයට පත් කෙරුනි.2013 දී ෆෝබ්ස් හී ප්‍රකාශකයෙක් වන කැතරින් තයර් ප්‍රකාශ කොට සිටියේ කලා කරුවන්ගේ ඩිජිටල් යුගය වන මෙම යුගයේ දී කලා කෘතියේ තත්ත්වය පමණක් නොව එය යූ ටියුබ් සමග අනුගත වනේද යන බවත් සලකා බැලිය යුතු බවයි.2013 දී වීඩියෝ වලින් 1.1% කලාකරුවන් විසින් මෙගා සහ මේන්ස්ට්‍රීම් ලෙස වර්ග කරන ලදී.මෙයින් 90.3%ක්ම යූ ටියුබ් හා වෙවෝ හී ප්‍රදර්ශනය වු වීඩියෝ දර්ශන විය.TED නිශ්පාදක ක්‍රිස් ඇන්ඩර්සන් දන්වා ඇති පරිදි මුහුණට මුහුණ සාක්ච්චා මානව පරිනාමයේ වසර මිලියන ගණනක් හොදින් සිදු වූ බවත් යූ ටියුබ් මගින්ද එම අවස්ථාව සලසා දී ඇතිබවත් ය.ඔහු තවදුරටත් ප්‍රකාශ කොට සිටියේ ගුටන්බර්ග් ලිවීමට භාවිතා කල ක්‍රමයම සජීවී සංවාද සඳහාද භාවිතා කල හැකි බවයි.තවද ඇන්ඩර්සන් ප්‍රකාශ කොට සිටියේ යූ ටියුබ් හී වීඩියෝ දායකයින් විසින් මානව ඉතිහාසයේ විශාලතම අධ්‍යන කවය සාදනු ඇතිබවත් ය.උදාහරණයක් ලෙස සල්මන් ඛාන් ගේ සොයුරෙක් විසින් අරම්භ කරන ලද ඛාන් ඇකඩමිය හැඳින්විය හැකිය.ෆෝබ්ස් හී මයිකල් නෝර් ප්‍රකාශ කොට සිට්යේ එය ලෝකයේ වැඩිම පිරිසක් ඉගෙනුම ලබන පාසලක් ලෙස අවිවාදාත්මකව පිලිගත හැකි බවයි.

2008 දී ජොර්ජ් ෆොස්ටර් පීබොඩි සම්මානය දිනා ගැනීම තුලින් ප්‍රජාතන්ත්‍රවාදයට රුකුලක් ලැබුන බවත් යූ ටියුබ් කතිකයන්ගේ මුලුව ලෙසින් භාවිතා කිරීමෙන් එය පැහැදිලි වන බවත් යූ ටියුබ් ප්‍රකාශයට පත් කොට ඇත.පිව් පර්යේශණ මධ්‍යස්ථානය මගින් කරන ලද අධ්‍යන වාර්තාවකින් කියැවුනේ ප්‍රවෘත්ති අන්තර්ගතයන් නිර්මාණ හුවමාරුව පිලිබද රට වැසියන්ට නිවැරදි අවබෝදයක් ලැබෙන බවයි.තවද මෙම වාර්තාවෙන් කියැවුනේ යූ ට්යුබ් යනු ජනතාවට පුවත් ලබා ගැනීමට හැකි වේදිකාවක් බවට පත් වී ඇති බවයි.

යූ ටියුබ් මගින් මහජනතාවට කෙලින්ම රජය සමග සම්බන්ධ වීමට හැකියාව ලැබෙන අතර 2007 දී ඇමරිකාවේ පැවැත්වූ ජනාදිපතිවරනයේ දී මහජනතාවට එම අපේක්ෂකයන්ට තමන්ගේ ගැටලු ඉදිරිපත් කොට එම මොහොතේදීම පිලිතුරු ලබාගත හැකි වීමේ අවස්ථාව උදාකර දී තිබුනි.මේ සදහා යූ ටියුබ්/CNN විවාද වැඩසටහන වැනි වැඩසටහන් යොදා ගැනුනි.එමගින් දේශපාලන වේදිකාවේ විශාල වෙනසක් ඇතිකිරීමටද හැකියාව ලැබුණි.2010 දී අරාබි වසන්තය ගැන සමාජ විද්‍යඥ පිලිප් එන් හොවාර්ඩ් ප්‍රකාශ කොට සිටියේ දේශපාලන අපහසුතාවයන් නිසා විප්ලවය ඇතිවෙන බවත් එහිදී ෆේස්බුක් උද්යෝගය ඇතිකිරීමටත් ට්විටර් සම්බන්දීකරනයටත් යූ ටියුබ් ලොවට ප්‍රකාශ කිරීමටත් යොදා ගැනෙන බවයි.රට වැසියන් සහ රජයට පහසුවෙන් සම්බන්ධ විය හැකි ආකාරයට නිර්මාණය කෙරුන ධවළ මන්දිර නිල යූ ටියුබ් නාලිකාව ඉහළ පෙලේ ප්‍රවෘත්ති නිශ්පාදකයින් අතර හත් වැනි තැනට 2007 දී පත් විය.ඉන් පසු අවස්ථා කීපයකදීම යූ ටියුබ් අතර සහ ධවල මන්දිරය අතර ඇති සම්බන්ධය පැහැදිලි විය. මේ අතරම ලෝකයේ නිතර සිදුවන සිදුවීම් කෙරෙහි ඇතිකරන බලපෑම් ගැනත් යූ ටියුබ් පිලිබද විස්තර වල සදහන් වේ.ඒ අතර 2012 මුස්ලිම් වරුන්ගේ අහිංසකත්වය සහ ඇමරිකානු විරෝදීන්ට සිදුවන හිංසනයන් ජාත්‍යන්තරව බල පැවැත්වෙන අයුරු දැක්වෙන වීඩියෝපට ද යූ ටියුබ් මගින් ප්‍රචාරය වී ඇත.

යූටියුබ් 
"යූ ටියුබ් පරම්පරාව" සමග රජය යහපත් සම්බන්ධකමක් පැවැත්විය යුත්තේ කෙලෙසදැයි සාකච්චා කිරීමට යූ ටියුබ් හී අන්තර්ගතයන් පාලනය කරන ප්‍රධානීන් සහ එක්සත් ජනපද ජනාදිපති බරක් ඔබාමා ධවල මංදිරයේ දී හමුවූ අවස්ථාව.

ආදායම් ප්‍රභවයන්

යූ ටියුබ් හී විශාල ප්‍රමාණයක් වෙළද දැන්වීම් වන අතර එයින් ලැබෙන දායකත්වය නිසාම යූ ට්යුබ් වීඩියෝ දර්ශන නරඹන්නන්ට දර්ශන නොමිලයේ නැරඹීමට අවස්ථාව ලැබී ඇත.සාමාන්‍යයෙන් වෙලඳ දැන්වීම් වලින් ලැබෙන ආදායමින් 45%ක් යූ ටියුබ් ලබා ගන්නා අතර 55%ක් උඩුගත කරන්නන්ටද කොටස් කරුවන්ගේ වැඩසටහනකදී ඔවුන්ටද හිමිවේ.ටියුබ්මෝගල්ට අනුව 2013දී යූ ටියුබ් හී පෙර සේවා වෙලඳ ප්‍රචාරකයින්ට දර්ශන 1000කට ඩොලර් 7.60ක් වැයවන බව ගණන් බලා ඇත.උද්‍යෝගිමත් දැන්වීම් නිපදවන්නන්ගේ අඩුව නිසා දර්ශනය වන වීඩ්යෝ වලින් භාගයකට වඩා පෙර සේවා දැන්විම් සාමාන්‍යයෙන් අන්තර්ගත නොවේ.වීඩියෝ දර්ශණ වලින් භාගයක් පෙර සේවා දන්වීම් වලින් ලැබෙන බව අනුමාන කරමින් දර්ශණ 1000කදී යූ ටියුබ් කොටස් කරුවෙක් 0.5 X $7.60 X 55% = $2.09 ක ආදායමක් ලබා ගන්නා බව 2013 දී ගන්නන් බලා ඇත..

2013 මැයි මස දී පර්යේෂණ යෝජනා ක්‍රමයකට අනුව මසකට ඩොලර් 0.99 සිට මසකට ඩොලර් 6.99ක් තෙක් මිළ ගනන්වලට දායකත්වයන් සදහා නාලිකාවන් 53ක් හ්දුන්වා දී ඇත.නෙට්ෆික්ස් සහ හුලු වැනි සංගත දායකයින්ගේ සැපයුම් හා තරග කල හැකි ප්‍රයත්නයක් ලෙස මෙය දක්වා ඇත .

ප්‍රජාව සම්බන්ධ ප්‍රතිපත්තීන්

යූ ටියුබ් හී දක්නට ලැබෙන දර්ශණ වල අපයෝජනයන් අඩු කරනු වස් සමාජමය නිර්ණායකයන් පද්ධතියක් යූ ටියුබ් හී දක්නට ඇත.සාමාන්‍යයෙන් ලිංගික කාර්යන් නිරූපනය කරන හෝ නග්නත්වය ප්‍රකාශ කරන හෝ සත්ත්ව අපයෝජන දර්ශන හෝ කම්පනය ඇතිකරවන දර්ශන හෝ හිමිකරුගෙන් අවසරය නොලබා උඩුගත කිරීම්ද,නුරුස්සන කථන කොටස් ද විලෝපීය හැසිරීම් සහ වැරදි පනණිවිඩද යූ ටියුබ් තුලින් තහනම් කොට ඇත.

හිමිකම් ඇවිරූ දෑ

වීඩියෝ දර්ශණයක් උඩුගත කෙරෙන අව්ස්ථාවකදී යූ ටියුබ් ග්‍රාහකයින් දක්වන පණිවිඩයකින් කියැවෙන්නේ හිමිකම් ඇවිරීම් රීතීන් උල්ලංඝනය නොකරන ලෙසයි.මෙය නොතකමින් බල නොලත් වීඩියෝ දර්ශණ අඩංගු රූප රාමු විශාල වශයෙන් යූ ටියුබ් හී දක්නට ඇත.ඩ්ජිටල් මිලේනියම් කොපිරයිට් ඇක්ට් නැමති අවසර ගැනීමේ පනතට අනුකූලව කලින් සටහන් කෙරෙන දැන්වීමක් හිමිකම් සහතික කරන්නා ඉදිරිපත් කිරීමට පෙරාතුව යූ ටියුබ් මගින් එම වීඩියෝව ප්‍රචාරය නොකෙරේ.එවැනි ගිවිසුම් විරෝධී කටයුතු කර්න්නේ නම්,අවස්ථා 3කට පසු අදාල උඩුගත කරන්නා විසින් උඩුගත කොට ඇති සියලුම වීඩියෝ දර්ශන ඉවත් කරනු ලැබේ.වයාකොම්,මීඩියාසෙට් වැනි සංවිධාන ඇතුලුව ඉංග්‍රීසි මූලික ගිවිසුම් සංවිධාන මගින් ගොනු කරන ලද නීතිමය නඩු වලින් කියා සිටින්නේ යූ ටියුබ් වෙතින් හිමිකම් ඇවිරීමේ කාර්යට අවශ්‍ය කටයුතු ඉතා සුලුවෙන් ඉටු කර ඇති බවයි.වයාකොම් ඩොලර් බිලියන එකක වන්දියක් ඉල්ලමින් කියා සිටියේ 150000 කට වඩා වැඩි ලියාපදිංචි නොවූ විඩියෝ දර්ශණ ඉදිරිපත් කිරීම නිසාත් පුදුමාකාර ලෙස මිලියන 1.5 වතාවක් එය නැරඹීමෙන් සිදු වූ හානියට වන්දි ලබා දිය යුතු බවත් ය.මීට පිළිතුරු වශයෙන් දක්වා ඇත්තේ නිර්මාණ ඉදිරිපත් කරන්නන් ඔවුන්ගේ නිර්මාණ සඳහා උදව්වක් ලෙස නීති රීති වලට පරටහැනි ආකාරයට එම කර්යන් යූ ටියුබ් හී දක්වන අතර එය සීමා කිරීමට නොහැකි බවයි.එම උසාවි නඩු වාරයේ දී වයාකොම් එක්තරා ආකරයක තීන්දුවක් ලැබූ අතර එයි කියැවුනේ ඔවුන්ගේ වෙබ් අඩවිය නැරඹූ සියලු දෙනාම ගැන නැරඹූ ආකරය පිලිබඳ සවිස්තරව ටෙරා බයිට් 12ක වාර්තාවක් ලබා දිය යුතු බවයි.මෙම නඩු තීන්දුව විවේචනයට ලක් කරන ඉලෙක්ට්‍රොනික් ෆොන්ටයර් ෆන්ඩ් ආයතනය දක්වා ඇත්තේ පුද්කලික අයිතිවාසිකම් වලට පිටුබලයක් දී ඇති බවයි.ගූගල්ට විරුද්ධව වයාකොම් ගෙන ආ නඩු තීන්දුව පිලිබද සාරාංශයකින් දැක්වෙන්නේ ගූගල් ආයාතනය ඩ්ජිටල් කොපිරයිට් ඇක්ට් පනත ආරක්ෂා කොට ඇති බවයි.මෙම නඩු තීන්දුව ලබා දී ඇත්තේ ඇමරිකානු නිදහස් විනිසුරුවෙකු වන ලුවිස් එල් ස්ටැන්ටන්ය.නැවතත් 2012 අප්‍රේල් 5 වන දින එක්සත් ජනපද ඇපල් උවසාවියට ඉදිරිපත් කෙරුන ඉල්ලීමකින් දැක්වෙන්නේ නැවතත් නඩුව ඇසීම සිදු කල යුතු බවයි.අනතුරුව 2014 මාර්තු මස වයාකොම් කලක් තිස්සේ අසන ලද නඩුවට තීන්දුවක් ලබා දීමෙන් පසුව නඩුව අවසන් වී ඇත.2008 අගෝස්තු මස ලෙන්ස් එදිරිව යුනිවර්සල් මියුසික් කෝපරේෂන් මගින් පාලනය වන පරිදි පැනවූ අධිකරන නියෝගය නිසා සාධාරණ භාවිත සඳහා හිමිකම් දරන්නන්ට භාවිත ගොනු ඉවත් කිරීමේ වරප්‍රසාදය අහිමි වී ඇති බවයි.පෙන්සිල්වේනියාවේ ග්ලැටිසින් හී ස්ටෙෆනී ලෙන්ස් ඇගේ මාස 13ක් වයසැති පුත්‍රයාගේ "ලෙට්ස් ගෝ ක්‍රේසි" ගීතය ඉදිරිපත් කරන නැටුම් වීඩියෝව යූ ටියුබ් හී තත්පර 29ක වීඩියෝපටයක් ලෙස උඩුගත කරන ලදී.මෙම කරුනද ඉහතින් සඳහන් කරන ලද නීතිමය ගැටලුවට අදාල විය.වෘත්තීය ගායක මට් ස්මිත් විසින් ගෙනෙන ලද සමිට් එන්ටර්ටේන්මන්ට් එරෙහිව ස්මිත් නඩුවෙන් ඔහු කියා සිට්යේ යූ ටියුබ් හී හිමිකම් දැන්වීම අනිසි ලෙස භවිතය පිළිබ්දව විරෝධය දක්වන බවයි.ආඥා 7කින් යුත් තීන්දුවේ අඥා 4ක්ම ස්මිත්ට පක්ෂව ක්‍රියාත්මක විය.2012 අප්‍රේල් මස හම්බර්ග් උසාවියෙන් නිකුත් කරන ලද නියෝගයෙන් ග්‍රාහකයන්ට එවන ලද හිමිකම් ඇවිරුන වීඩියෝ පිළිබඳ වගකීම යූ ටියුබ් දැරිය යුතු බව දැක්විනි.ජර්මනියේ හිමිකම් ඉදරිපත් කිරීමේ සංවිධාන තර්ක කරන්නේ ජර්මානු හිමිකම් ඇවිරීමේ සංගීතපට ආකර්ෂණය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය නොවූ බවයි.මේ ගැන අදහස් දක්වමින් යූ ටියුබ් පවසා සිටියේ කලා කරුවන්ට ගීත රචකයින්ට කතුවරුන්ට ප්‍රකාශකයින්ට සහ ගීත තැටි ලේබල් වලට ප්‍රතිලාබ ලැබෙන, එමෙන්ම යූ ටියුබ් සමාජ වලට ප්‍රයෝජනවත් වන පරිදි ජර්මනියේ ප්‍රකාශයට විසදුම් සොයා ගැටලුව නිරාකරනය කිරීම තව දුරටත් සිදුවන බවයි}}.කෙසේ හෝ මෙම බලපත්‍ර සේවාව තවමත් අවශ්‍ය එකගතාවන් වලට නොපැමිණි බැවින් 2009 සිට ජර්මනියේ හිමිකම් ඇවිරීමේ නියෝග සහිත වීඩියෝපට සඳහා තහංචි පනවා ඇත.යුනිවර්සල් මියුසික් ගෲප් සහ යූ ටියුබ් අතර ඇතිකරගත් එකගතාවයකට අනුව යම්කිසිවෙක් උඩුගත කරන වීඩියෝපට සම්බන්ධයෙන් ඇති ගැටලු UMG වෙත වාර්ථා කලයුතු අතර එය DMCA පනතට අදාල වන ලෙස ඉන්පසු සකසනු ලැබේ.

අන්තර්ගත හඳුනා ගැනීම්

2007 ජූනි මසදී ස්වය්ංක්‍රීයව උඩුගත කිරීමේ ක්‍රමයක් පර්යේශන මට්ටමෙන් අරඹා ඇත.මෙය ගූග්ල් හී ප්‍රධාන විධායක නිලධාරී එරික් ස්මිත් විසින් හදුන්වා දී ඇත්තේ වයාකොම් වැනි ආයතනය සමග ගනුදෙනු කරනු ලබන විට මෙමගින් ලාබ ලබාගත හැකි බවයි.මෙම පද්ධතිය අන්තර්ගත හඳුනා ගැනිම ලෙස හදුන්වන අතර හිම්කම් ඇවිරුන ශ්‍රව්‍ය සහ දෘශ්‍ය සදහා හදුනා ගැනීමේ ගොනුවක් නිර්මාණය වන අතර එය දත්ත පාදක වල ගබඩා කරනු ලැබේ.වීඩියෝ දර්ශන උඩුගත වීමේදී දත්ත පාදක පිරික්සා බලා ගැලපීමක් හමුවේනම් එය හිමිකම් ඇවරීමේ නීතිය උල්ලංඝනය කොට ඇතිබව දන්වනු ලැබේ.මෙය සිදුවීමේදී අන්තර්ගතය හිමිකරුට දර්ශනය නොවන ලෙසට එය අසුරා තැබිය හැකි අතර සංඛ්‍යාන වාර්ත හෝ මාර්ග පිරික්සා බලා වීඩියෝවට දැන්වීම් ඇතුලත් කල හැක Content ID accounts for over a third of the monetized views on YouTube..මෙම අන්තර්ගත හදුනා ගැනීම මගින් ඉතාම නිරවද්‍ය ලෙස උඩුගත කළ කොටස් යෝග්‍ය ප්‍රමාණයකින් හෝ තත්වයකින් යුත් ගොනුවක් දැයි පිරික්සා බලා සාර්ථක ID ගොනුවක් නිර්මාණය වන බව යූටියුබ් පෙන්වා දෙයි.කෙසේ හෝ මෙම ස්වයංක්‍රීය පිරික්සීම් සාර්ථක වන්නේ පුද්ගලයෙක් එය සත්‍ය දැයි පිරික්සීමෙන් අනතුරුව ය.

මතභේදයට තුඩු දුන් අන්තර්ගතයන්

යූ ටියුබ්හී ඇති සාවද්‍ය හෝ වැරදි සහ ගත වීඩියෝ විවේචනයට ලක්වීමක් දැකිය හැකිය.අපහාසාත්මක,ලිංගික අපචාරාත්මක සහ අපරාද සිදු කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය අඩංගු වීඩියෝ දර්ශන ඇතුලත් වීඩියෝපට උඩුගත කිරීම යූ ටියුබ් terms of service|සේවා කොන්දේසි මගින් තහනම් කොට ඇත.මතභේදයට තුඩු දුන් එනම් 1989 ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩා උළෙලීදී සිදු වූ පාපන්දු ලෝලීන් 96 දෙනෙකුට මරු කැඳ වූ හොල්කෝස්ට් ඩැනියෙල් සහ හිල්ස්බ්‍රෝ ව්‍යසනය වැනි සිද්ධීන් මෙහි ලා දැක්විය හැකිය.භාවිතා කරන්නන් නුසුදුසු යැයි සඳහන් ධජයන් ප්‍රදර්ශනය මගින් එවැනි දේ නිරීක්ෂණය කොට වෙබ් අඩවියේ නීති රීති උල්ලංඝනය වන බැව් අනාවරණය කරගැනීමට හා තීරණ ගැනීමට යූ ටියුබ් හී නිළධාරීන් විසින් මෙම ධජ ක්‍රමය උපයෝගී කොට ගනී.බ්‍රිතාන්‍ය නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ සංස්කෘතික සහ මාධ්‍ය කමිටුව 2008 ජූලි මස දන්වා සියටියේ යූ ටියුබ් හී වීඩියෝ ප්‍රතිපත්තීන් විවාදයට තුඩු දෙන බවත් ග්‍රාහක ජනක අන්තර්ගතයන් ලෙස එම වෙබ අඩවිය ප්‍රමිති කරණය කළයුතු බවයි.""ප්‍රචාරයට ඉඩ දෙන සියල්ලටම දැඩි නීති ඇති අතර නුසුදුසු යමක් පිලිබදව ඕනෑම අයෙකුට කංඩායමකට ඒ පිලිබදව පැමිණිලි කළ හැකි නිසා ඒ සම්බන්ධව ක්ශණික පියවර ගත හැකිය.උඩුගත කරන අන්තර්ගතයන් ගැන සැළකීමේ දී නීති විරෝධී සුලුතර කුඩා ප්‍රමාණයේ වීඩියෝ පට සැනෙකින් ඉවතට ඇදීයනු ඇත"".(2008 ජූලි උපුටනයකි).ඉමාමි අන්වර් අල් අව්ලාකි ගේ පණිවිඩයකින් කියැවුනු ""ගෘහීය ත්‍රාසයන්"" ඇති කිරීමට අපි සහාය වන්නෙමු යන අදහස ඇතිව වෙබ් අඩවියෙන් නිකුත් කරන වීඩියෝ ගැන ඇමරිකානු කොංග්‍රස් සභික ඇන්තනී වේනර් අවධානය යොමු කර ඇති අතර ඒ ගැන බලපෑම් කිරීමටද 2010 ඔක්තොම්බර් මසදී මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත.බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය පෝලින් නෙවිල් ජොන් මතයක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ මෙවැනි වෙබ් අඩවි සඳහා කිසිම අයුරකින් එක්සත් රාජධානිය තුල ඉඩ ලබා නොදිය යුතු බවයි.මෙමගින් ඉතා දරුණු නොවිසදෙන මිනී මැරුම් වැනි දේ ඇතිවෙන බව පෙන්වා දෙයි.එමගින් මහජනතාවට කිසිදු යහපතක් සිදු නොවේ.බෝම්බ නිශ්පාදනය,අපහාස ප්‍රකාශ වැනි අල් මව්ලානික් ගේ මත පල කෙරෙන වීඩියෝ විශාල ප්‍රමාණයක් එම වෙබ් අඩවිය තුලින් ඉවත් කල බවත් විදේශීය ත්‍රස්ත සංවිධාන වශයෙන් හදුනා ගත හැකි ආයතන වලට අදාල ගිනුම් හරහා මෙවැනි අක්‍රමික දෑ අතුල් වන බව දක්වා ඇත.2010 දෙසැම්බර් මසදී යූ ටියුබ් ග්‍රාහකයින්ට නුසුදුසු වීඩියෝ සදහා ධජ එසැවීමේදී ත්‍රස්ථවාදයට උරදෙයි යන්න දක්වා ඇත.

පරිෂීලක ප්‍රතිචාර

වීඩියෝ විශාල ප්‍රමාණයක ප්‍රතිචාර දැක්විය හැකි බව දක්වන අතර එම අන්තර් ග්‍රාහකයන් ගේ ස්වභාවය හා අඩංගු දේවල් වල ඍණාත්මක භාවයට ආකර්ෂණය වීම නිතැනින්ම සිදුවිය.සමාජයේ නොදනුවත්කම මෙන්ම ඔවුන්ගේ දැනීමද එක සේ සන්නද්ධ කිරීමට යූ ටියුබ් කටයුතු කරන අතර මීට කලින් නොදුටු පරාසයක සමාජය හා එක්ව යාමට වෙබ් 2.0 සමත් බව ප්‍රසාද මුඛයෙන් කත කරන ටයිම්ස් 2006දී ප්‍රකාශ කොට ඇත.මිනිසත්බවේ අනාගතය ගැන වැලපීමට සිදුවන බවත් තවත් විවේචනයක දැක්වේ, ඉන් ගම්‍ය වන තවත් කරුණකි අසභ්‍ය හා නිරුවතට විරෝධය දැක්වීම පමණක් ම ප්‍රමාණවත් නොවන බවයි.

වාරණය සහ පෙරණය

2012 සැප්තැම්බර් වන විට චීනය,ඉරානය,පකිස්ථානය,තුර්ක්මේනිස්ථානය යන රටවල් යූ ටියුබ් තහංචිය සදහා නැගී සිටියහ.

    යූ ටියුබ් වාරනය හේතු කිහිපයක් නිසා සිදුවිය
  • සමාජමය හෝ දෙශපාලනික කැළඹීම් ඇතිවිය හැකි කොටස් මහජනතාවට ඉදිරිපත් කිරීම සීමා කිරීම.
  • රාජ්‍ය තාන්ත්‍රිකයෙක්,රජයක්,රජයේ නිළධාරීන්,ආගමක් හෝ ආගමික විවෙචනය වැලැක්වීම.
  • ජාතික නීතීන් උල්ලංගනය,හිමිකම් ඇවිරීම් සහ පුද්ගලික දේපල ආරක්ෂන නීති.
  • අවලාද හෝ අපහාස සදාචාර ප්‍රතිපත්තීන් හෝ සදාචාර පදන වූ නීති සහ ජාතික ආර්ක්ෂක නීතීන්.
  • තරුණයින්ට අයෝග්‍ය යැයි තීරණය කළ වීඩියෝ වෙතට ළගාවීම වැලැක්වීම.
  • වැඩපලේ හෝ පාසැල්වල වියවුල් බව වික්ෂෙපනය අවම කරලීම සහ භාවිත ජාලීය කලාප පළල ප්‍රමාණය අඩු කිරීම.

සමහර රටවල දිගු කාලීන ස්ථාවර නියෝගමත හෝ මැතිවරණ පැවැත්වීම වැනි ව්‍යාකූල තත්වයන් හීදී තාවකාලිකව සීමිත කාල සීමාවන්ට යූ ටුයුබ් තහනම් කිරීම් සිදුකොට ඇත.තවත් රටවලදී සමහර විශේශිත වීඩියෝ දර්ශණ වලට පිවිසීම අසීරු අතර වෙබ අඩවිය මුලුමුනින්ම වාගේ විව්‍රුත ලෙස දැක්වෙයි.එක්තරා වීඩියෝ දර්ශණයක් තහනම් කොට ඇති විට මුලුමහත් වෙබ් අඩවියටම වාගේ පිවිසීමට තහන්චි පැනවෙයි.එවැනි විටෙක යූ ටියුබ් සාමාන්‍යයෙන් එම වීඩියෝවට පිවිසීම සීමා කරන අතර එවැනි අවස්ථාවල දැක්වෙන්නේ සේවා කටයුතු වලට නවතා ඇති ලෙසයි.ව්‍යාපරික ස්ථාන,පසැල්,රජයේ ආයතන සහ වෙනත් පෞද්ගලික ආයතන නිරන්තරව සමාජමය මාධ්‍ය අඩවි නවතාලීම සිදුවන්නේ කලාප පළල සීමාවන් හෝ බලපෑමක් හේතුවෙනි.

යූ ටියුබ් වෙතට පිවිසීමට තහනම් කරන ලද රටවල් කීපයක් ඇත

    • සමාජමය හෝ සදාචරාත්මක හේතුමත යූ ටියුබ් හා එවැනි වෙබ් අඩවි කරා පිවිසීම 2006 දෙසැම්බර් මස 3 වන දින ඉරානය විසින් තාවකාලිකව අවහිර කරන ලදී.එය සිදුවූයේ ඉරාන ජතික සෝප් නාට්‍ය නිලියකගේ ලිංගික දර්ශන ප්‍රදර්ශණය වීම නිසාය.2009 ඉරාන මැතිවරණ සමයේදී එම තහනම ඉවත් කල අතර,අහින්සක මුස්ලිම්වරු නැමති වීඩියෝ දර්ශනය හේතුවෙන් නැවත තහනම් කරන ලදී.
    • තයිලන්තය,චීනය,ඕස්ට්‍රේලියාව,මොරොක්කෝව වැනි රටවල් ද යම් යම් අවස්ථා වල්දී යූ ටියුබ් අවහිර කරන ලදී.
    • තුර්කියද මෙවැනි අවහිර කිරීම් සිදු කර ඇති අතර වසර දෙක හමාරක් පමණ කාලයක් පමණ මෙම තනම පැවත ඇත.ඉන් පසුව නැවත වතාවක් තුර්කිය විසින් යූ ටියුබ් තහනම් කර ඇති අතර එහිදී පවසා ඇත්තේ ඉහල මට්ටමේ එය ඉහල මට්ටමේ බුද්ධිය වෑස්සීමක් ලෙසටය.
    • ඉස්ලාමීය විශ්වාසයන්ට එරෙහිව නීති විරෝධී ද්‍රව්‍ය සේ පකිස්ථානය 2008 පෙබරවාරි 23 වන දින යූ ටියුබ් වෙත පිවිසීම අවහිර කරන ලදී.මහම්මත් තුමා පිලිබදව තැනුන කාටූන් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම මෙයට හේතු ලෙස දක්වා ඇත.මෙහි අතුරු ප්‍රතිඵළයක් ලෙස අසල් වැසි රටවලටද බලපාන අයුරින් විශ්වීය විදුලිය ඇනහිටීමක් දක්වා ව්‍යාප්ත විය.ඉන් අනතුරුව 2008 පෙබරවාරි 26 දී රජයේ මැදිහත් වීමෙන් විරෝධයට තුඩු දුන් කොටස් ඉවත් කර ගැනීමෙන් පසු මෙම තහංචිය අවසන් කෙරුනි.

මෙවැනි අයුරින් තුර්කිමෙස්තානය,ලිබියාව,ඇෆ්ගනිස්ථානය,බංගලිදේශය,රුසියාව සහ සූඩානය වැනි රටවල් ඉන් පසුකාලීනව ඊජිප්තුවද යූ ටියුබ් හී දර්ශණය වන වීඩියෝ සම්බන්ධව විරෝධය දක්වනු වස් යූ ටියුබ් තහනම් කිරීම් සිදුවිය.

වැඩිදුර අවධානයට

Listen to this article
(2 parts, 29 minutes)
යූටියුබ් 
These audio files were created from a revision of this article dated
Error: no date provided
, and do not reflect subsequent edits.

සාමාන්‍ය:

ආශ්‍රිත

වැඩිදුර කියවීමට

භාහිර සබැඳීන්

Tags:

යූටියුබ් ආයතන අතීතයයූටියුබ් ලක්ෂණයූටියුබ් අප්‍රේල් මෝඩයින්යූටියුබ් සමාජ ගැටුම්යූටියුබ් ආදායම් ප්‍රභවයන්යූටියුබ් ප්‍රජාව සම්බන්ධ ප්‍රතිපත්තීන්යූටියුබ් වාරණය සහ පෙරණයයූටියුබ් වැඩිදුර අවධානයටයූටියුබ් ආශ්‍රිතයූටියුබ් භාහිර සබැඳීන්යූටියුබ්en:HTML5en:paypalගූගල්

🔥 Trending searches on Wiki සිංහල:

පළමුවන පරාක්‍රමබාහු රජසිරිමාවෝ බණ්ඩාරනායකශ්‍රී ලංකාවේ සිනමාවපලතුරු වර්ග ලැයිස්තුවපංච කල්‍යාණමහා පත්තිනි දේවාලය, නවගමුවජේසුස් වහන්සේමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයපයිතගරස් ප්‍රමේයයඅහිකුණ්ඨකවන්නම්කැලණිය රජ මහා විහාරයසිඟාලෝවාද සූත්‍රයශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියබෝවන රෝගදෙවොල් මඩුවසරත් ගුණපාලඋගුඩුවාබෞද්ධ භාවනාත්‍රිකෝණක්‍රීඩාකලපුසිංහල අක්ෂර මාලාවමැක්ස් වෙබර්සෞරග්‍රහ මණ්ඩලයකුට්ටම් පොකුණශ්‍රී ලංකාවේ ආර්ථිකයසිංහල වර්ණ මාලාවස්ත්‍රී පුරුෂ භාවයසතර අපායමාර්ටින් වික්‍රමසිංහසීගිරියේ ඉතිහාසයළමා අපයෝජනයටී.බී. ජයාවොලිබෝල්බල්ලෝසබරගමුව පළාතඉසුරුමුණි කැටයම්කොහොඹා කංකාරියසිවිල් නීතිය සහ පොදු නීතියතාරාවානියුමෝනියාවප්‍රාදේශිය සභාJalani premadasaමහනුවර යුගයේ රාජාවලියරණසිංහ ප්‍රේමදාසකෙසෙල්පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයශ්‍රී ලංකාවයගුලිය විසි කිරීමගබ්සාවකාර්මික විප්ලවයශ්‍රී ලංකාවේ ඉපැරණි කලා නිර්මාණලිංගික අප්‍රාණිකත්වයරුවන්වැලිසෑයකුණකටුවාශ්‍රී ලංකාවේ රබර් වගාවචාමර වීරසිංහදළ දේශීය නිෂ්පාදිතයපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරමුල් ළමාවියේ සංවර්ධනයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසජාත්‍යන්තර මූල්‍ය අරමුදලකිතුල්ඛනිජ තෙල්ශ්‍රී ලංකා ජාතික කොඩියදියවැඩියාවදරු නැලවිලි ගීශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්තෝමස් අල්වා එඩිසන්සෝවාන්මනෝවිද්‍යාවදෙමළ අක්ෂර මාලාවජාත්‍යන්තර නීතියවිහාරමහා දේවියශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවකඩුපුල්🡆 More