මනෝවිද්‍යාව යනු සිතුවිලි මෙන් ම විඥානික සහ අවිඥානික අත්දැකීම්වල සියලු අංග ආශ්‍රය කරගත් හැසිරීම සහ මනස පිළිබඳ විද්‍යාවයි.
එය පොදු මූලධර්ම ගොඩනැගීම සහ විශේෂ සිද්ධි පර්යේෂණය මගින් පුද්ගලයින් සහ කණ්ඩායම් තේරුම් ගැනීමට උත්සාහ කරන ශාස්ත්‍රීය පුහුණුවක් සහ සමාජ විද්‍යාවකි.
මානසිකවිද්‍යාව මගින් අපගේ සිත අපගේ හැසිරීම් සහ සමාජ සම්බන්ධතා විස්තර කරයි. පුරාණ මනෝ විද්‍යාව මූලික වශයෙන් වෙන්වූයේ මිනිස් අත්දැකීම් සහ හැසිරීම් විස්තර කිරීම සඳහාය. වසර 1980 සිට මනෝවිද්‍යාව මගින් සිහිය, මොළය සහ ස්නායු පද්ධතිය අතර පවත්නා සම්බන්ධතාවය ගවේෂණයට පෙළඹිණි. නමුත්,
විඥානය මගින් මොළයේ පවත්නා තත්වය හෝ මොළයේ පවත්නා තත්ව මගින් විඥානය තීරණය කරයි ද යන්න පැහැදිලි නැත. නැතහොත් විඥානය යනු ද ස්නායු පද්ධතිය සමග සම්බන්ධතාවයක් නොමැති සංකීර්ණ අවස්ථාවක් ද?
මෙය පැහැදිලි කරගැනීම සඳහා විඥානය හා මොළයේ ක්‍රියාකාරිත්වය අර්ථ දැක්වීම අත්‍යවශ්‍ය වේ.
ප්‍රායෝගිකව ගත්කළ විශේෂයෙන්ම කෘත්‍රීම බුද්ධිය, ස්නායු මනෝවිද්‍යාව සහ ප්‍රජානන ස්නායු මනෝ විද්‍යාව යන අවස්ථාවල මෙය වැඩි වශයෙන් යොදා ගෙන ඇත.
මිනිස් හැසිරීම බහුතරයක් විස්තර කිරීම සඳහා උපකාරක වශයෙන් යොදා ගත හැකි විවිධාකාර වූ ආකෘති වශයෙන් සිතුවිලි සමුදායක විස්තර කර ඇත. මේවායේ ප්‍රසිද්ධිය කාලයා සමග නැති වී යයි. සමහර මනෝ විද්‍යාඥයින් ඇතැම් සිතුවිලිවලට අනුබද්ධ වූ පසු අනෙක් ඒවා ප්‍රතික්ෂේප කර දමති. නමුත් බොහෝ දෙනා මේවා මනස අවබෝධකර ගැනීම සඳහා උපකාර කරගත්තද මෙම සිද්ධාන්ත එකිනෙකට පොදු ඒවා නොවේ. “ටිනිබර්ගන්ගේ ප්‍රශ්න 4 උපයෝගී කරගනිමින් පරිහරණය සඳහා ආකෘතියක් හෝ මනෝවිද්‍යා පර්යේෂණ සඳහා වගුවක් සාදාගත හැක. (මානව විද්‍යාව සහ මිනිසා ඇතුළුව)
මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අවබෝධය , වර්තමානයේදී මනෝවිද්‍යාවේ සෛද්ධාන්තිකමය හා ප්‍රායෝගිකමය වශයෙන් යොදා ගැනීම බහුල වී තිබේ.
මනෝ විද්‍යාව ස්වාධීන පර්යේෂණ විෂයක් ලෙස අධ්‍යයනයන් ආරම්භ වූයේ 1879 වුව ද මනෝ විද්‍යාත්මක පර්යේෂණ 1021 “Alhazna’s” දෘෂ්ටි ශාස්ත්‍ර පොත්වල ද විග්‍රහ කර ඇත. මනෝ විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන Wilhem Wandit මනෝ විද්‍යා පර්යේෂණයන් සඳහා වෙනම පර්යේෂණාගාරය ජර්මනියේ Leipzig විශ්ව විද්‍යාලයේ ස්ථාපනය කරන ලදී. එමනිසා 1879 වසර මනෝ විද්‍යාවේ උපන් දිනය ලෙස ද සැලකේ. ඇමරිකානු ජාතික දර්ශනවාදියෙකු වන Wiliam James විසින් මුද්‍රණය කරන ලද මනෝ විද්‍යාවේ මූලධර්ම නම් ග්‍රන්ථය මනෝ විද්‍යා පැන නැඟිය හැකි ගැටළු සඳහා මනා අඩිතාලමක් විය. මෙයට අමතරව මතයක පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයනයේ මූලාරම්භකයෙක් වන Hermann Ebbinghans (1850 – 1909) සහ ඉගෙනීම පිළිබඳ අධ්‍යයනය කරන රුසියානු ජාතික මනෝ විද්‍යාඥ Ivan Pavlov (1849 – 1936) විද්‍යාත්මක මනෝ විද්‍යාව සඳහා හොඳ දායකත්වයක් ලබා දුන්හ.
මේ අතරතුර 1896 දී ස්නායු විද්‍යාඥයකු ලෙස පුහුණුව ලද ඕස්ට්‍රේලියානු ජාතික සිග්මන්ඩ් ප්‍රොයිඩ් මනෝ ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මනෝ විශ්ලේෂණය ඉදිරිපත් කරන ලදී. නමුදු මොහුට පර්යේෂණාත්මක මනෝ විද්‍යාවේ ක්‍රමානුකූල පුහුණුවක් නොතිබිණි. මොහුගේ මෙම අවබෝධයන් බොහෝ දුරට රඳා පැවතුනේ තේරුම් ගැනීමේ ක්‍රම , ආත්ම පරීක්ෂාව හා රෝග විනිශ්චය මතය. මොහු මූලිකව අවධානය යොමු කරන ලද්දේ සිහිබුද්ධියෙන් (අනුදැනුමෙන්) තොරව ඇතිවන ගැටුම් නිරාකරණයට සහ මානසික පීඩා සහ මානසික ව්‍යාධි විද්‍යාව සඳහා වෙයි. මොහු මනෝ විද්‍යාවේ වර්ධනයේ සාමාන්‍ය අංග ලෙස ලිංගිකත්වය, යටපත් කිරීම, අචේතනික මනස වැනි අංගයන් යොදා ගැනීම ඔහුගේ සිද්ධාන්ත ඉතා ප්‍රසිද්ධියට පත් වීමට හේතු විණි. එම කාලය වන විට තහනම් අංග ලෙස සැලකූ අතර ඒවා ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීම සඳහා ප්‍රොයිඩ් විසින් උත්ප්‍රේරක සැපයීය. නමුත් “කාල් පොපර්” විසින් ප්‍රොයිඩ්ගේ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණ සිද්ධාන්ත පරීක්ෂා කළ නොහැකි ස්වභාවය යුක්ත බවට තර්ක කරන ලදී. ප්‍රොයිඩ්ගේ මෙම සිද්ධාන්ත නූතන මනෝ විද්‍යා අධ්‍යාපන ආයතන සදහා ප්‍රයෝජනයක් නොමැති තරම්ය. එහෙත් ප්‍රොයිඩ්ගේ මතයන් අනුමත කරන නමුත් ඔහුගේ මනෝ විෂ්ලේශනාත්මක සිද්ධාන්ත යම් තරම් දුරට වෙනස් කරන ඔහුගේ අනුගාමිකයින් නව - ප්‍රෝයිඩ්වරු ලෙස හැදින්වේ.
ජර්මානු ජාතික මනෝවිද්‍යාඥ විල්ගෙම් මැක්සිමිලියන් වුන්ඩ්ට් පර්යේෂණාත්මක මනෝවිද්‍යාවේ පියා ලෙස හැදින් විය හැක. මනෝවිද්‍යාවේ පර්යේෂණ මගින් මනෝවිද්‍යා ප්‍රපංචයන්හි එන විශ්ලේෂණාත්මක උපකල්පනයන් බිහිකිරීම සහ ඇගයීමක් කෙරෙයි. මේ සඳහා මොවුන් විද්‍යාත්මක ක්‍රමයේ එන සම්මතයන් වන ගුණාත්මක චර්යා විද්‍යාව සහ ප්‍රමාණාත්මක සංඛ්‍යානය පුළුල් ලෙස උපයෝගී කර ගනී. පර්යේෂණ ආචාර ධර්ම සහ පර්යේෂණයේ ඇති වූ වර්ධනය අනුමත කරයි නම් ඉදිරි පර්යේෂණ කටයුතු එහි මූල ලේඛයන් මත රඳා පවතී. මනෝවිද්‍යාවේදී වෙනත් විෂය පථයන්හි එන විද්‍යාත්මක දැනුම උපයෝගී කර ගනිමින් මනෝවිද්‍යාත්මක ප්‍රපංචන් පහදා දීමට සහ අවබෝධ කරගැනීමට උපයෝගී කර ගනියි. ගුණාත්මක මනෝවිද්‍යා පර්යේෂණයන්හිදී ක්‍රියාකාරී පර්යේෂණයන්, චර්යා ධර්ම, ගවේෂණාත්මක සංඛ්‍යානය, සම්මුඛ පරීක්ෂණ සහභාගිවූවන් නිරීක්ෂණය යන පුළුල් නිරීක්ෂණ ක්‍රම උපයෝගී කරගනිමින් විශාල ලෙස තොරතුරු රැස්කරගනී. මෙය පාරම්පරික පර්යේෂණයන්හිදී කළ නොහැක්කකි. මානුෂීය මනෝවිද්‍යාවේ එන පර්යේෂණ ඉදිරියට කරගෙනයාම සඳහා චර්යා ධර්ම, ඉතිහාසය යන ක්‍රම ප්‍රමුඛ ලෙස උපකාරී වී ඇත.
මනෝවිද්‍යාවේ එන විවිධ අංගයන් පරීක්ෂා කිරීම නූතන මනෝවිද්‍යාවේ මූලික විෂය පථයකි. මේ සඳහා සම්මත පර්යේෂණ ක්‍රම මෙන්ම එම අවස්ථාව හෝ පර්යේෂණ අනුව නිර්මාණය කළ ක්‍රමයන් ද ඇතුළු කර ගනිමින් මනෝමිතික සහ සංඛ්‍යාත්මක ක්‍රමයන් ප්‍රධානව උපයෝගී කර ගනී.
අධ්‍යයන මනෝ විද්‍යාඥයන් කිසියම් පථයක මනෝවිද්‍යාත්මක අවබෝධය වැඩි දියුණු කරගැනීම සඳහා පර්යේෂණ සහ මනෝවිද්‍යා සිද්ධාන්ත යොදා ගත්තද, අනෙක් මනෝ විද්‍යාඥයින් මෙම දැනුම එම අවස්ථාවේදීම සහ ප්‍රායෝගික යෙදීම් සඳහා යොදා ගනියි. නමුදු මෙම ප්‍රවේශන දෙඅංශයම අන්‍යෝන්‍ය වශයෙන් එකට බැඳී පවතින නිසා බොහෝ මනෝ විද්‍යාඥයින් තම වෘත්තීය ජීවිතය තුළ පර්යේෂණ සහ ව්‍යවහාරික මනෝවිද්‍යාව යන දෙඅංශය තුළම තම කටයුතු කිරීමට සිදුවෙයි.
මනෝවිද්‍යාවෙහි එන එක් අංගයක් වන සායනික මනෝවිද්‍යාවේදී මනෝ චිකිත්සකයින් හට තම සායනික කටයුතුවලදී රෝගීන්ට උදව් කිරීමට මෙන්ම, වෘත්තිකයින් ලෙස රෝගීන් හා කටයුතු කිරීමේ දී තම දැනුම ගොඩනගා ගැනීමට පර්යේෂණ සහ පර්යේෂණ ක්‍රමයන්හි අත්ඇකීම් සහ දැනුම උපකාරී කර ගනියි.
ව්‍යවහාරයේදී මෙම අභිමත විෂය පථය විශේෂ පුහුණුව සහ විශේෂඥ දැනුම ලබාදීම අවශ්‍ය නිසා මනෝ විද්‍යාත්මක සමුළුව එම කටයුතු පාලනය සඳහා සහ එම අවශ්‍යතා සපුරාලීමට පාලන කමිටුවක් සාමාන්‍යයෙන් පිහිටුවා ගනියි. එලෙසම විශ්ව විද්‍යාලයීය මනෝ විද්‍යාත්මක උපාධීන් ඇතිකිරීම මගින් සිසුන් හා විවිධ විෂයන් හී දැනුම ලබාදීම කළ හැක. මීට අමතරව මනෝවිද්‍යා චිකිත්සකයින් රෝගීන් හට ප්‍රතිකාර ලබාදීම සිදු කරන නිසා රජයේ පාලන ආයතනයක් මගින් ඔවුන්‍ට බලපත්‍ර ලබාදීම සිදු කළ යුතුය.
This article uses material from the Wikipedia සිංහල article මනෝවිද්‍යාව, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.