නෙදර්ලන්තය නෙදර්ලන්ත රාජධානියට අයත් රටවල් 4න් විශාලතම රට වන අතර ස්වෛරී රාජ්‍යයක් වේ.
එය බටහිර යුරෝපයේ පිහිටා ඇති ජන ඝනත්වය අධික රටකි. එය මායිම් වන්නේ නැගෙනහිරින් ජර්මනියටත්, දකුණින් බෙල්ජියමටත් හා වයඹ දිගින් උතුරු මුහුදටත් ය. විශාලතම සහ වැදගත්ම නගර වන්නේ ඇම්ස්ටර්ඩෑම්, හේග් සහ රොටර්ඩෑම් වේ. රටේ අගනගරය ඇම්ස්ටර්ඩෑම් වේ. පාර්ලිමේන්තුව පිහිටා ඇත්තේ හේග් නුවරයි. රොටර්ඩෑම් වරාය යුරෝපයේ විශාලතම වරාය වන අතර එය, මීළඟ විශාලතම වරායයන් තුනෙහි එකතුවටත් වඩා විශාලත්වයෙන් වැඩිය. එමෙන්ම 1962 සහ 2004 අතර කාලය තුළ දී ලොව විශාලතම වරාය වූයේ ද එය යි. සමස්ත නෙදර්ලන්ත දේශයම හැඳින්වීම සඳහා ඕලන්දය යන නම බහුලව භාවිත කරන නමුත්, ඕලන්දය යන නම ක්‍රමිකව භාවිතයෙන් ඈත් වෙමින් පවතී.
නෙදර්ලන්තය Nederland | |
---|---|
ජාතික ගීය: "Het Wilhelmus" | |
Location of නෙදර්ලන්තය (dark green) – in Europe (light green & dark grey) | |
අගනුවර | ඇම්ස්ටර්ඩෑම්[2] |
විශාලතම නගරය | අගනුවර |
නිල භාෂා(ව) | ඕලන්ද |
ජනවාර්ගික කණ්ඩායම් | ඕලන්ද 80.7%, EU 5%, ඉන්දුනීසියානු 2.4%, තුර්කි 2.2%, සුරිනාමි 2%, මොරොක්කානු2%, නෙදර්ලන්ත ඇන්ටිලස් සහ ඇරුබා 0.8%, වෙනත් 4.8% (2008 ඇස්ත.) |
ජාති නාම(ය) | ඕලන්ද |
රජය | Parliamentary democracy under a constitutional monarch |
• රජතුමා | විලෙම් ඇලෙක්සැන්ඩර් රජතුමා |
• අගමැතිතුමා (Demissionary) | Jan Peter Balkenende (CDA) |
• Deputy Prime Minister (Demissionary) | André Rouvoet (CU) |
• President of the Senate | René van der Linden (CDA) |
• President of the House of Representatives | Gerdi Verbeet (PvdA) |
ව්‍යවස්ථාදායකය | States-General |
Senate | |
House of Representatives | |
Independence through the Eighty Years' War from the Spanish Empire | |
• Declared | 26 July 1581 |
• Recognized | 30 January 1648[3] |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 41,526 km2 (16,033 sq mi) (135th) |
• ජලය (%) | 18.41 |
ජනගහණය | |
• 2024 ඇස්තමේන්තුව | 17,757,300 (61st) |
• ඝණත්වය | 427.6/km2 (1,107.5/sq mi) (28th) |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $658.228 billion |
• ඒක පුද්ගල | $39,938 |
දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $794.777 billion |
• ඒක පුද්ගල | $48,223 |
ගිනි (2006) | 30,9 [යාවත්කාලීන කිරීම අවශ්‍යයි] දෝෂය: අනීතික Gini අගය |
මාසද (2009) | 0.964 දෝෂය: අනීතික HDI අගය · 6th |
ව්‍යවහාර මුදල | Euro (€)[4] (EUR) |
වේලා කලාපය | UTC+1 (CET) |
• ගිම්හාන (DST) | UTC+2 (CEST) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | 31 |
අන්තර්ජාල TLD | .nl[5] |
|
නෙදර්ලන්තය යන්නෙහි තේරුම 'පහත රට' යන්නයි. එම නම යෙදී ඇත්තේ එම රටෙහි පවතින පහත් භූමි සහ තැනිතලා ස්වභාවය නිසාවෙනි. එමෙන්ම මුහුදු මට්ටමෙන් 1m කට වඩා ඉහලින් පිහිටන්නේ රටේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් 50% ක් පමණි. මුහුදු මට්ටමට වඩා පහලින් පිහිටන ප්‍රදේශ බොහෝමයක් මිනිසා විසින් නිර්මාණය කරන ලද ඒවා වේ. 16 වන ශතවර්ෂයේ අග බාගයේ සිට ම මුහුද සහ විල් ගොඩ කරමින් විශාල භූමි ප්‍රදේශ අළුතින් නිර්මාණය කිරීම සිදු කර ඇත. මෙසේ කෘත්‍රිමව නිර්මාණය කළ භූමි ප්‍රමාණය රටේ වර්තමාන මුළු භූමි ප්‍රමාණයෙන් 17% ක් පමණ වේ. ඉතා අධික ජන ඝනත්වයක් සහිත නෙදර්ලන්තයේ වත්මන් ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 408 කි. රටේ ජලයෙන් වැසුණු භූමි ප්‍රමාණය හැර ගත් කල ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 500 කි. මේ අයුරින් අධික ජනගහණයක් මෙන්ම අධික ජන ඝනත්වයක් ද පවතින අනෙකුත් රටවල් වන්නේ බංග්ලාදේශය, දකුණු කොරියාව සහ තායිවානය යි. කෙසේ වෙතත් නෙදර්ලන්තය ලොව දෙවන-විශාලතම ආහාර සහ කෘෂි නිෂ්පාදන අපනයනකරු වෙයි. එය දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි. සාරවත් පසක් පැවතීම හා සෞම්‍ය කාලගුණයක් තිබීම යන සාධක මෙයට යම් පමණකට දායක වෙයි. ඡන්ද බලයෙන් තෝරා ගත් පාර්ලිමේන්තුවක් සහිත ලොව තෙවැනි රට වූයේ නෙදර්ලන්තය යි. 1848 සිට එය පාර්ලිමේන්තුමය ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්තාවාදී රාජාණ්ඩුව යටතේ ඒකීය රාජ්‍යයක් වශයෙන් පාලනය වෙයි. ඉවසීමේ හැකියාවෙන් ඉහළ සමාජයක් පැවතීම පිළිබඳව නෙදර්ලන්තය සතුව ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. නීත්‍යානුකූල වඳ සැත්කම්, ගණිකා වෘත්තිය සහ සහන ඝාතනය මෙන්ම ධනාත්මක මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තීන් ද ක්‍රියාත්මක නෙදර්ලන්තය, නිදහස් මතධාරී රටක් වශයෙන් සළකනු ලබයි. 2001 වසරේ දී එය, සමලිංගික විවාහ නීත්‍යානුකූල කළ ලොව ප්‍රථම රට බවට පත් විය.
නෙදර්ලන්තය EU, යුරෝසෝන්, G-10, NATO, OECD සහ WTO වල ආරම්භක සාමාජිකයෙක් වෙයි. එමෙන්ම ත්‍රිපාර්ශ්වික Benelux එකතුවේ සාමාජිකයෙකි. රසායනික අවි පිටුදැකීමේ සංවිධානය සහ අන්තර්ජාතික අධිකරණ 5 ක් සඳහා සත්කාරක රාජ්‍යය වන්නේ නෙදර්ලන්තයයි. එම අධිකරණ වන්නේ බේරුම්කරණය සඳහා වූ නිත්‍ය අධිකරණය, යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර අධිකරණය, පූර්ව යුගෝස්ලාවියාව සඳහා වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණ මණ්ඩලය, ජාත්‍යන්තර අපරාධ අධිකරණය සහ ලෙබනනය සඳහා වූ විශේෂ අධිකරණ මණ්ඩලය යන ඒවා යි. ඉන් පළමු හතර මෙන්ම යුරෝපා සංගමයේ අපරාධ බුද්ධි ඒජන්සිය වන Europol හා අධිකරණ සහයෝගීතාව සඳහා ආයතනය වන Eurojust ද හේග් නගරයේ පිහිටා ඇත. මේ නිසා "ලෝකයේ නෛතික අගනුවර" යන අන්වර්ථ නාමය එම නගරයට ලැබී ඇත. නෙදර්ලන්තය ෂෙන්ගන් ප්‍රදේශයේ ද කොටසකි. නෙදර්ලන්තයේ පවතින්නේ වෙළෙඳපොල පදනම් වූ මිශ්‍ර ආර්ථිකයකි. ආර්ථික නිදහස පිලිබඳ දර්ශකයට අනුව නෙදර්ලන්තය රටවල් 177 ක් අතුරින් 17 වන ස්ථානයේ පසුවෙයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව 2013 වසරේ දී ලොව 13 වන ඉහළතම ඒක පුද්ගල ආදායම සහිත රට වූයේ එයයි. නෙදර්ලන්තයේ පවතින ඉහළ ගුණාත්මක බාවයකින් යුත් ජිවන රටාව නිසා එක්සත් ජාතීන්ගේ ලෝක සන්තුෂ්ටි වාර්තාව, 2013 වසරේ දී ලොව සතුටින්ම සිටින රටවල් අතුරින් 7 වන තැනට නෙදර්ලන්තය නම් කරන ලදී.
නෙදර්ලන්තයේ පරිපාළන පළාත් දොළහකි.
This article uses material from the Wikipedia සිංහල article නෙදර්ලන්තය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.