තෝමස් අල්වා එඩිසන්

තෝමස් අල්වා එඩිසන් (1847 පෙබරවාරි 11 - 1931 ඔක්තෝම්බර් 18) යනු ප්‍රකට ඇමෙරිකානු පර්යේෂකයෙකි.

මානව සංස්කෘතිය නව මඟකට යොමු කළ සොයා ගැනීම් රැසක් ඔහු විසින් සිදු කළ අතර ග්‍රැමෆෝනය, විදුලි බුබුළ ඉන් සමහරකි.

තෝමස් අල්වා එඩිසන්
තෝමස් අල්වා එඩිසන්ගේ උඩුකය දැක්වෙන සිතුවමක්.

ග්‍රැමෆෝනය නිර්මාණය කරන ලද්දේ 1877 දීය. එවකට ජනයාට මෙය මහත් විශ්මිත නිර්මාණයක් වු අතර එඩිසන් අසාමාන්‍ය හැකියාවක් ඇත්තෙකු ලෙස ප්‍රසාදයටද පාත්‍ර වුයේය. 1880 වර්ෂයේදී එඩිසන් ෆ්ලොරීඩා ප‍්‍රාන්ත‍්‍රයේ පදිංචි වු අතර එහිදී ඔහු ‘ ඔටෝමොබයිල් ’ තාක්‍ෂණයේ නිර්මාතෘ හෙන්රි ෆෝඩ් සමඟ මිත්‍ර වුයේය. ‘ ඔටෝමොබයිල් ’ තාක්‍ෂණය සඳහා එඩිසන්ගේ දායකත්වයක් ලැබුණේද ඒ හරහාය.

1901 ඔහු සංබරි කලාපයේ සංචාරය කළේ පතල් නිරීක්‍ෂයකු ලෙසය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ෆැල්කන්බි‍්‍රජ් යපස් නිධිය සොයා ගත්තේය.

එඩිසන් සාර්ථක ව්‍යාපාරිකයකුද වුයේය. ප්‍රවාහන අංශයේ විවිධ ව්‍යාපාර රැසක් ඔහු විසින් හොබවනු ලැබු අතර සිනමා ක්ෂේත‍්‍රය තුළද එවැනි ව්‍යාපාර කටයුතු වලට ඔහු හවුල් වුයේය.

තෝමස් අල්වා එඩිසන් මෙලොව හැර ගියේ 1931 ඔක්තෝම්බර් 18 වන දිනය. ඒ වෙස්ට් ඔරේන්ජ්හි ලේවෙලින් පාර්ක් නම් ස්ථානයේ පිහිටි නිවසේදීය. එඩිසන්ගේ අවසන් හුස්ම රැගත් පරීක්‍ෂණ නලයක් හෙන්රිෆෝඩ් කෞතුගාරයේ තැන්පත් කර ඇත්තේය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ව්‍යාපාරරතන සූත්‍රයප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)සිංහල ව්‍යාකරණවළවේ ගඟපලිබෝධනාශකසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයකැලණියසුසන්තිකා ජයසිංහවිවාහයදඬුලේනාහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයමහනුවරදෙමළ අක්ෂර මාලාවඅහිකුණ්ඨකහින්දු ධර්මයසෝවියට් රුසියාවේ සහ සෝවියට් සංගමයෙහි ඉතිහාසය (1917–1927)ඇඹිලිපිටියඇන්තූරියම්මිනිස් ලිංගික ක්‍රියාරෝසදෙමළ භාෂාවසාම්ප්‍රදායික සිංහල අහාරඅනුරාධපුර රාජධානියසොක්‍රටීස්මුස්ලිම්අනගාරික ධර්මපාලසෞඛ්‍යයඉස්සන් වගාවහෙළයන්ගේ සම්ප්‍රදායික කැඳ වර්ගසාරිපුත්ත රහතන්වහන්සේශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියගෝලයසියඹලාජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාසිංහල සහ හින්දු අලුත් අවුරුද්දපරිගණකයමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවසමාජවාදයසීතාවක පළමුවන රාජසිංහ රජුජලයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාහෘදයාබාධයඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයපෙර පාසල්සන්දේශ කාව්‍යඉතිහාසයසාර ධර්මපර්යේෂණපොදු නීතියඋසස් පෙළ දේශපාලන විද්‍යාවආයුර්වේදයමානව ප්‍රජනන පද්ධතියමන්නාරම බයෝබැබ් ගසසිංහල නිපාත පදශ්‍රී ලංකාවේ සිවිල් නීතියසීලනන්දා මාලනීරණසිංහ ප්‍රේමදාසදියවැඩියාවකොළඹ බස් මාර්ගපන්සියපනස් ජාතක පොතදාගැබ්ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිඋපසර්ගදස මහා යෝධයෝජොහන්නස් කෙප්ලර්ශාන්තිකර්මපවුල හා විවාහයප‍්‍රාථමික අධ්‍යාපනයමහවැලි ගඟෆේස්බුක්හේන් ගොවිතැනවැදි ජනයාස්ත්‍රීවාදය🡆 More