දුරකථනය: සන්නිවේදන උපකරණයක්

දුරකථනය යනු ශබ්දය (බහුලව මිනිස් කටහඬ) සම්ප්‍රේෂණයට හා ලබා ගැනීමට භාවිතා වන විදුලි සංදේශ උපකරණයකි.

සාමාන්‍යයෙන් මෙය භාවිතා කරන්නේ පුද්ගලයන් දෙදෙනෙකු අතර සාකච්ඡාවකට වුවත් සමහරක් විට එය තිදෙනෙකු හෝ ඊට වඩා වැඩි ගණනක් විය හැකිය. වර්තමානයේ ලෝකයේ වඩාත් බහුලව ම භාවිතා වන ගෘහස්ත උපකරණවලින් එකක් බවට එය පත්ව ඇත. බොහෝමයක් දුරකථන ක්‍රියාත්මක වන්නේ සංකීර්ණ දුරකථන ජාලයක් හරහා විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කිරීමෙනි. මෙමඟින් ඕනෑම දුරකථන පරිශීලකයෙකුට ඕනෑම කෙනෙකු සමඟ පාහේ සන්නිවේදනය කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ. මෙය වර්ෂ 1876දී ඇලෙක්සැන්ඩර් ග්‍රුහැම්බෙල් විසින් හදුන්වා දෙනු ලැබීය.

දුරකථනය: සන්නිවේදන උපකරණයක්
An ඔලවේටි rotary dial දුරකථනය, c.1940s

මූලික සිද්ධාන්ත

දුරකථන මඟින් වර්ග දෙකක තොරතුරු හසුරවයි. ඒවා නම් සංඥා හා කටහඬයි. මෙය විවිධ අවස්ථාවලදී එකම ඇඹරුණු රැහැන් යුගලයක් මත සිදු වේ. සංඥා ලබා දීමේ උපකරණය ලැබෙන ඇමතුම් පිළිබඳ පරිශීලකයා දැනුවත් කිරීමට සීනුවකින් ද ගන්නා ඇමතුම්වල දුරකථන අංක ඇතුල් කිරීම සඳහා වූ ඩයලයකින් ද යුක්ත වේ. වෙනත් දුරකථනයකට කතා කිරීමට බලාපොරොත්තු වන පරිශීලකයෙක් රිසීවරය ඔසවයි. එමනිසා ස්විචයක් ක්‍රියාත්මක වේ. එමඟින් දුරකථනය ක්‍රියාකාරී තත්වයට පත් කරන අතර රැහැන් හරහා ප්‍රතිරෝධී ලුහුවත් වීමක් ද ඇති වේ. එමනිසා රැහැන් හරහා ධාරාවක් ගලා යයි. දුරකථන හුවමාරුව මෙම DC (සරල ධාරාව) අනාවරණය කර ගෙන සංඛ්‍යාංක ආදායකයක් අමුණා සූදානම් බව ඇඟවීම සඳහා අක්වට තානය (dial tone) යවයි. පරිශීලකයා ඉලක්කම් බොත්තම් ඔබන අතර ඒවා ඩයලය තුළ වූ නාද උත්පාදකයකට සම්බන්ධය. එමඟින් DTMF නාද නිපදවේ. ඉන්පසු හුවමාරුව අදාළ දුරකථනය සම්බන්ධ කරන අතර එයට දැනුම් දීමක් සිදු කරයි.

දුරකථනය ක්‍රියා විරහිතව ඇති විට (රිසීවරය තබා) එහි සීනුව, බීපරය හෝ අනෙක් දැනුම් දීමේ උපකරණ ධාරිත්‍රක හරහා දුරකථන මාර්ගයට සම්බන්ධ කර ඇත. අක්‍රීය දුරකථනය දුරකථන මාර්ගය ලුහුවත් නොකරන අතර එමනිසා හුවමාරුව එහි රිසීවරය තබා තිබෙන බව හා සීනුව පමණක් විද්‍යුත් වශයෙන් සම්බන්ධ බව දැන ගනී. එම දුරකථනයට කිසිවෙකු ඇමතූ විට දුරකථන හුවමාරුව දුරකථන මාර්ගයට අධි වෝල්ටීයතා ස්පන්ද සංඥාවක් යොදයි. මෙමඟින් ඇමතුම් ලබන පාර්ශවයට සීනුව නාද වීම බීපරය ක්‍රියාත්මක වීම හෝ වෙනත් දැනුම් දීමේ උපකරණයක් ක්‍රියාත්මක වීම සිදු වේ. පරිශීලකයා රිසීවරය එසවූ විට එසවුම් ස්විචය සීනුව අක්‍රිය කර දුරකථනයේ හඬ කොටස ක්‍රියාත්මක කරයි. ඉන්පසු දුරකථන මාර්ගයට ප්‍රතිරෝධී ලුහුවත් කිරීමක් ලබා දෙන අතර එමඟින් දුරකථනය පිළිතුරු ලබා දුන් බව හා ක්‍රියාත්මක බව දැනුම් දේ. සම්බන්ධ වූ පාර්ශවයන් දුරකථනයේ හඬ කොටස භාවිතයෙන් සාකච්ඡා කරයි.

දුරකථනයේ හඬ කොටස රිසීවරයේ ඇති අතර එය සම්ප්‍රේෂකයකින් (බහුලව මයික්‍රොෆෝනය ලෙස හඳුන්වන) හා ආදායකයකින් සමන්විත වේ. සම්ප්‍රේෂකය දුරකථන මාර්ගයේ ජවය ලබා ගන්නා අතර කටහඬ මඟින් ඇති කරන ධ්වනි පීඩන තරංගවලට අනුරූපව විද්‍යුත් ධාරාවක් නිකුත් කරයි. මෙම විද්‍යුත් ධාරා විචලනය දුරකතන මාර්ගය ඔස්සේ අනෙක් දුරකථනය වෙත සම්ප්‍රේෂණය වී එහි වූ ආදායකයේ කුඩා ශබ්ද විකාශකයක් කම්බි දඟරය තුළට ඇතුළු වේ. විද්‍යුත් ධාරාවේ විචලනය දඟරය ඉදිරියට සහ පසු පසට චලනය වීමට හේතු වන අතර එමඟින් සම්ප්‍රේශකයෙහි වූ ධ්වනි පීඩන තරංග ප්‍රතිනිර්මාණය වේ. එක් පාර්ශවයක් රිසීවරය තැබූ විට මාර්ගයේ DC ධාරා ගලනය නවතින අතර එමඟින් හුවමාරු වන දුරකථන ඇමතුම විසන්ධි කරන ලෙස සංඥා කෙරේ.

ලින් මෑන්ගේ රිසීවරය දුරකථන ජාල පරීක්ෂා කිරීම සඳහා නිර්මාණය කරන ලද දුරකතනයකි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ වල් පැලැටිඅනුරාධපුර පෞරාණික නගරයඇඩොල්ෆ් හිට්ලර්විකිපීඩියාමානව අයිතිවාසිකම්සිංහල ටීකා සීපදවායුගෝලීය දූෂණයරඹුටන්සුරාබදු ආඥා පනතඔක්සිජන්ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයලක්‍ෂ්මී (දෙවඟන)ඇදුමනාමල් උයනයාල ජාතික වනෝද්‍යානයකුවේණි කුමරියගෞතම බුද්ධ පරිනිර්වාණයමුඛ සංසර්ගයරාමායණයපාෂාණපංච කල්‍යාණශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවඅකුණුසාදික්කාපෘතුගීසි ලංකාවශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියවිද්‍යුත් වානිජ්‍යයහත්කෝරළේකැවුම්රාශි චක්‍රයසිංහල හෝඩිපුත්තාණ්ඩුකුරුඳුවත්ත රාජකීය විද්‍යාලයදියවැඩියාවහිසරදයසරම්පහොරවැලිවිට සරණංකර හිමිතාරකා විද්‍යාවමල්නව අරහාදී බුදුගුණබුලත් හපයාමානව ප්‍රජනන පද්ධතියතොරතුරු තාක්‍ෂණයරසදියදඹුල්ල රජමහා විහාරයව්‍යාපාරශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයශ්‍රී වික්‍රම රාජසිංහ රජමහින්දාගමනයශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝමහවැලි ගඟජලභීතිකාවශ්‍රී ලංකාවේ ආදි වාසීන්උද්ධමනයවන්නම්රොඩීඋඩරට ගිවිසුමඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපමුදු කරවලාඑදා හෙළදිවආටානාටිය සූත්‍රයජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාසිංහරාජ වනාන්තරයකෙකටියමහා ප්‍රජාපතී ගෝතමීරාජ්‍ය නොවන සංවිධානඋම්මග්ග ජාතකයධනවාදයවාමන ග්‍රහලෝකලිංගිකත්ව අධ්‍යාපනයමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිසියදිවි නසාගැනීමරාහුල රහතන් වහන්සේකාමරංගා🡆 More